ඉන්දීය,බෙංගාල මැතිවරණ ව්‍යාපාරයටත් “මැණිකේ මගේ හිතේ” ගීතය

ඉන්දියාව තුළ අතිශයින්ම ජනප්‍රියට පත්ව ඇති “මැණිකේ මගේ හිතේ” ගීතය ඉන්දියාවේ බෙංගාලයේ තීරණාත්මක අතුරු මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා මමාතා බැනර්ජිගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය කරයි.

බැනර්ජි මහත්මියගේ අතුරු මැතිවරණ තරඟයට දින කිහිපයකට පෙර මෙම ගීතය සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන අතර නිෂ්පාදකයින් බලාපොරොත්තු වන්නේ එය ලාංකික ගායිකා යොහානි ද සිල්වාගේ මුල් පිටපත තරම් ජනප්‍රිය වනු ඇති බවයි.

සමස්ත ඉන්දීය ත්‍රිණමූල් කොංග්‍රසයේ (ඒඅයිටීසී) සභාපතිනි මමාතා බැනර්ජි වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම සංගීත වීඩියෝව ‘බැන්ග්ලෝර් ගොර්බෝ මාමාතා’ නම් කණ්ඩායමක් විසින් ෆේස්බුක් හි පළකර ඇති අතර මෙය මෙන්ගාලි බසින් නිර්මානය කළ රාජේෂ් චක්‍රවර්ති පැවසුවේ මමතා බැනර්ජි වෙනුවෙන් උපහාරයක් දැක්වීම සඳහා තමා මෙය නිර්මාණය කළ බවයි.

‘මැණිකේ මගේ හිතේ’ ගීතයේ මුල් ගායනය සතිෂාන් රත්නායක සිදුකළ අතර මීට මාස කිහිපයකට ඉහත දී යොහානි ද සිල්වාගේ නව ගායනයෙන් පසුව එය මෑතකදී ඉතා ජනප්‍රිය විය. විශේෂයෙන් ඉන්දියාව තුළ විවිධ භාෂා වලට නගමින් රසවිදිමින් සිටියි.

https://www.ndtv.com/india-news/hit-sri-lankan-song-manike-mage-hithe-now-turned-into-bengali-praises-mamata-banerjee-2550662

Leave A Reply

Your email address will not be published.

17 − 7 =