මහවැලියේ කි.මි 22කට වැලි බලපත් 1300ක්, මහවිල්ආරු ජලාශය පිරවීමත් අර්බුධයක

මහවැලි ගගේ සේරුවාවිල පාලමේ සිට එහි මෝය කට පිහිටි කින්නියා ප්‍රදේශය දක්වා කි.මි 22 ක් තුල සිදුකරන වැලි ගොඩ දැමීම් හේතුවෙන් දැඩි පාරිසරික හානික් සිදුවෙමින් ඇත.
මෙම වැලි ගොඩ දැමීම් නිසා මහවැලි ගග අධික ලෙස හෑරී ඇති අතර සේරුවිල සවාභාවික දිය හැරවුමේ සිට මහවිල්ආරු ජලාශය දක්වා ජලය ගෙන යාමට ඉදිරියේදී බරපතල ගැටළු ඇති කරනු ඇතැයි වාරි ඉංජිනේරුවෝ පෙන්වා දෙති.
මීට පෙර සේරුවාවිල සභාවික දිය හැරවුමෙන් වැලි කොට්ට 1000ක් යොදාගන මහවිල්ආරු ජලාශට ජලය හරවා ගත්තත් මේ වන විට ඊට වැලි කොට්ටා 12000ක් අතුරන්න සිදුව ඇතැයි ගොවීහු පවසති.
කෙසේ වෙතත් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය මගින් මෙම වසරේ (2021) සිදුකල සමීක්ෂනයකට අනුව මහවැලි ගගේ ජලයේ ලවන මට්ටම 100% කින් ඉහල ගොස් ඇතැයි අනාවරණය කර ඇති අතර මහවැලි ගගේ අධික වැලි හෑරීම නිසා මෙම තත්වය උදාවී ඇතැයි එම කාර්යංශය තහවුරු කර තිබේ. මීට පෙර භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශය මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකර ඇත්තේ 2017 වසරේදීය.
මේ වන විට කන්තලේ ව්‍යාපාරය යටතේ කුඹුරු අක්කර 22500කට හා සේරුවිල ව්‍යාපාරයේ අක්කර 35000කට මහවැලි ගගෙන් ජලය සැපනෙ අතර ජලයේ ලවනතාවය ඉහලයාම නිසා මෙම වගා බිම් විනාශ වීමේ අනතුරකට පත්ව ඇත.
මෙම හේතුවෙන් ප්‍රදේශවල ගොවි ජනතාවගේ පානිය ජල ප්‍රශ්ණය උග්‍ර කෙරෙනු ඇතැයි පරිසර සංවිධාන පෙන්වා දෙයි.
“ මහවැලි ගගේ වැලි කැණීමට අවසර ලබා දීම ජලයේ ලවනතාවය ඉහල යාමට මූලික හේතුවයි. කන්තලේ ව්‍යාපාරයේ සහ සේරුවිල ව්‍යාපාරයේ කුඹුරු අක්කර පනස් හත්දහස් පන්සීයට අමතරව තවත් වගා බිම් අක්කර ලක්ෂයකට අධික ප්‍රමාණයකට මෙම පරිසර විනාශය බලපා තිබෙනවා. අනිත් කාරණය තමයි මේ වනවිට ප්‍රදේශයේ භූගත ජලය සීග්‍රෙලස පහල යාම. මේ තත්වය නිසා වගාබිම් වැනසෙනවා වගේම මෙම ජනතාවට පානීය ජලයත් අහිමි වේවි.“‍
මෙම පරිසර හානිය සම්බන්ධයෙන් අදහස් පලකල කන්තලේ ජ.වි.පේ ප්‍රදේශීය සභා මන්ත්‍රී ඉන්දික පරණවිතාන ප්‍රකාශ කලේය.

Leave A Reply

Your email address will not be published.

7 − two =