“තරුණ යුවලක් සිටින හෝටල් කාමරයකට හදිස්සියේ ම කඩා වදින්න තරං ඔබේ රටේ පොලීසිය අශිෂ්ට ද?”

ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටය,
අළුත් පරම්පාරාවේ මල්ලි කෙනෙක් දක්වපු අදහස සහ ඊට හිමි පිළිතුර.
ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් (1980) දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඇගැයීමට සහ සම්මානය පාත්‍ර වූ චිත්‍රපටයකි. ඒ චිත්‍රපටය එක් විදේශ උළෙලකදී ප්‍රදර්ශනය වී අවසන් වූ වහාම එක් ප්‍රේක්ෂකයකු ධර්මසිරි බණ්ඩාරනායක වෙත හැරී‍ මෙවන් ප්‍රශ්නයක් ඇසුවා යයි කි‍යවේ.

“තරුණ යුවලක් සිටින හෝටල් කාමරයකට හදිස්සියේ ම කඩා වදින්න තරං ඔබේ රටේ පොලීසිය අශිෂ්ට ද?”

මෙම පෝස්ටුව මුහුණු පොතේ දැකීමෙන් මම ද එය ෂෙයාර් කරගතිමි. අනතුරුව එය දුටු ලංකාවේ අළුත් පරම්පරාවේ තරුණයෙක් පහත සටහන තබා තිබුණි. එම තරුණයාගේ සටහන දැකීමෙන් අළුත් පරම්පරාව ගැන කණගාටුවක් ද, අනුකම්පාවක් ද මිශ්‍ර වූ උත්ප්‍රාසයක් ද මගේ සිතේ ඇති විය. ඇත්තටම එවැනි අදහස් ඇත්තෙ එම තරුණයාට පමණක් නොවේ. තමන්ට දියුණු සංස්කෘතියක් ඇතැයි නිතරම සිතන-කියන ලංකාවේ නෝනා මහත්වරුන් බොහෝමයකට ඇති අදහසකි. පෙර කී තරුණයා ධර්මසිරි බණ්ඩාරනායකගේ හංස විලක් චිත්‍රපටය ගැන දැක් වූ අදහස මෙයයි.
“විදේශයකදි අපේ චිත්රපටියක් කියන්නෙ නිකං ම නිකං video එකක් නෙමෙයි …. ඒක අපේ සන්ස්කෘතිය පෙන්නන documentary එකක් වගේ… ඔයිට වඩා කැත තේමාවන් තියෙන films විදේශ උලෙලවල් වලට දාල තියෙනව… film හදන විශාරදයො ටිකක් කල්පනා කරන්න ඕනි ඒකෙන් අපේ සන්ස්කෘතිට රටට වෙන හානිය ගැන, අපි ගැන ඇතිවෙන වැරදි image එක ගැන..”

අනතුරුව ඒ තරුණයාගේ මනෝභාවය සහ සංස්කෘතික යයි ඔහු සිතනා පසුගාමී අදහසට මම ඉතා හොඳ සිංහල භාෂාවෙන් මෙලෙස පිළිතුරු දුන්නෙමි.

“ඔයා උගත් එක්කෙනෙක් නෙ. මේ චිත්‍රපටය කරලා තියෙන්නෙ ඔය කියන සංස්කෘතිය පෙන්නන්න නෙමෙයිනෙ. පවතින සාමජයේ යථාර්තවාදී සිදුවීමක් නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කිරීමක් තමයි මේ චිත්‍රපටයේ කරලා තියෙන්නෙ. සංස්කෘතිය පෙන්නන්න ඕන නම් ඒ සඳහාම වෙන්වුණු නිර්මාණ හදලා පෙන්වන්න පුළුවන්. ඒවා වාර්තා චිත්‍රපට ( Documentary) වෙන්නත් පුළුවන් වෘතාන්ත චිත්‍රපට (Feature Film) වෙන්නත් පුළුවන්.

ඊළඟට ගත්තහම එකිනෙකාට කැමති ගැහැණු- පිරිමි දෙන්නෙක් තමන්ගෙ ජීව විද්‍යාත්මක අවශ්‍යතාව සපුර ගන්න හෝටලයක කාමරයට ගියාම මොකද වෙන්නෙ? ඒකෙ තියෙන වැරැද්ද මොකක් ද? ඒකෙ තියෙන සංස්කෘතික ප්‍රශ්නෙ මොකක් ද? ඒක එළියෙ – ප්‍රසිද්ධියේ කරොත්නෙ අඩුම ගානෙ වැරැද්දක් වෙන්නෙ. රටක කුණු වෙච්ච සංස්කෘතියක්, සදාචාරයක් තියෙනවා නම් ඒක ඒ විදිහට පෙන්නනේ නැතුව මේ වගේ චිත්‍රපටියක මල් ගස් වටේ දුවන දර්ශන ඇතුලත් කරන්ඩයැ. එහෙම බැලුවම ඔය කියන අහවල් සංස්කෘතිය අරක- මේක රකින්න ගියා නම් ලෝකයේ විශිෂ්ඨ නිර්මාණ ( සාහිත්‍ය කෘති, සිනමා නිර්මාණ, වාර්තා චිත්‍රපට) බිහිවෙන්නෙම නෑනෙ.

මේ චිත්‍රපටයෙ ඔය කියන විදිහෙ කැත සංස්කෘතික දේවල් ( ඔබ කියන විදිටහට) තිබුණා කියලා ලෝකයේ බුද්ධිමත් මිනිස්සු, ඒවා රසවිඳින ශීලාචාර මිනිස්සු ඒකෙන් අපේ රටේ හැම එකක්ම ඒ වගේ කියලා නරක අදහසක්, වැරදි හැඟීමක් ඇති කරගන්නෙ නෑ. ඒ අය ඒ තරම් මන්ද බුද්ධික නෑ. ඒත් උඹලාගේ රටට අර අහවල් අවුරුදු 2500 ක පෞඩ ඉතිහාසයක්, සංස්කෘතියක් කියලා එකක් තිබුණට ගෑණියෙකුටයි මි‍නිහෙකුටයි නිදහසේ අනුගරාගික ජීවි‍තය විඳින්න තියෙන නිදහස වත් නෑ කියලා ඒ අය හිතයි.ඒ පැත්තෙන් නම් උඹලා හරිම ගෝත්‍රිකයි- පසුගාමියි කියලා කියයි. ඒවා විවේචනය කරයි. එතකොට තියෙන්නෙ ඒ වැරදි නිවැරදි කරගන්න එකයි. අනිත් එක පිට රටින් එනකොට සාහිත්‍ය නිර්මාණ, සිනමා නිර්මාණ වගේ ඒවා මාර විශිෂ්ඨ කලා නිර්මාණ කියලා අදහන්ඩයි, ලංකාවෙ එකක් කරපුවාම ඒවා සංස්කෘතියට හානියක්ය, රටට වැරදි ප්‍රතිරූපයක් ගෙනෙනවාය කියන එකයි කොයි තරම් කුහක, අවිචාරවත් හැඟීමක් ද?
කොල්ලෙකුයි කෙල්ලෙකුයි හෝටලයක කාමරයට යන එක ලංකාවේ ඉන්න ගෝත්‍රික – මුග්ධ – මොඩයින් මාර මෙව්වා එකක් කරගත්තට, ඒවා සිනමා නිර්මාණ වලින් පෙන්නුවාම අපේ සංස්කෘතිය ගැන වැරදි හැඟීමක් එනවා ඇති කියලා හිතුවට දියුණු රටවල මිනිස්සු එහෙම පටු විදිහට හිතන්නෙ නෑ. මේ සංස්කෘතිය ඇතුලේ කුණු වෙලා ගඳ ගහන චර්යාවන් කොයි තරම් තියෙනවා ද? හරි නම් ඒවා මීට වඩා විවෘතව කලා නිර්මාණ වලින් හෙළි කරන්ඩ ඕන සාකච්ඡා කරන්ඩ ඕන.මල්ලි විශ්ව විද්‍යාලයට ගියේ අපරාදෙ මල්ලි”
ඔබ මේවන් අදහස් සඳහා දක්වන ප්‍රතිචාරයන් මොනවගේ ඒවා ද?

– අතුල දිසානායක (සමාජ කතා)

Leave A Reply

Your email address will not be published.

9 − 2 =