මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ඒලියන්ත වයිට් මියයයි

කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසට සේවය කළ වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වෙයි.

දැනට දින ගණනකට පෙර සිට කොවිඩ් ආසාදිතව නවලෝක රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.

කොවිඩ් තත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක සිටි ඔහු පසුගියදා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ද යොමු කර තිබුනේ එහි ඇති විශේෂ ශ්වසන උපකාරක යන්ත්‍රයක ප්‍රතිකාර ලබාදීම සඳහාය.

කෙසේ නමුත් ඒලියන්ත වයිට් අවස්ථා කිහිපයකදීම සඳහන් කළේ කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා තමන් හට කුණ්ඩලීනි ශක්තිය ඇති බවයි.

එලියන්ත වයිට් ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට දැනට දින කිහිපයකට පෙර මාධ්‍ය වාර්තා කර තිබිණි

Leave A Reply

Your email address will not be published.

thirteen − five =