වීරකැටිය දරුවා ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේදී වෑකඳවල ප්‍රදේශයේ පදිංචි14 හැවිරිදි දරුවෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු රක්ෂිතයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කළේ, වෙඩි තැබූ පුද්ගලයාට අමතරව තවත් සැකකරුවෙකු ද එහිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබිණි .

පසුගිය 20 වනදා ඥාතීන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් සිදු වූ වෙඩි තැබීමකින් 14 හැවිරිදි සචින්ත නිම්සර නමැති එම පිරිමි දරුවා ජීවිතක්ෂයට පත්විය.

Leave A Reply

Your email address will not be published.

two × 1 =