“පාසල් විවෘත කළ පසු කියවීම් නොකරන ගුරුවරු අර්බුදයට යනු ඇත”

ලංකාවේ පාසල් අධ්‍යාපනය

කොරෝනා වසංගතය හමුවේ ලංකාවේ හඬක් ඇති යමක් කමක් තිබෙන මිනිස්සුන්ගෙ දරුවන්ගේ අධ්‍යාපනය එතරම් කඩා වැටී නැති බව පෙනේ. විශේෂයෙන්ම සමහර ගම්බද උසස් පෙළ ළමයින්ගේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහල ගොස් ඇති බව පෙනේ. ජනප්‍රිය පාසල් වල ළමුන්ට තිබෙන අවස්ථාවම ඔවුනුත් ඔන් ලයින් හරහා අත් කරගෙන සිටිති.

මේ වන විට සමහර දක්ෂ ඔන් ලයින් උගන්නන ගුරුවරුන්ගෙ සිසුන් සංඛ්‍යාව දහදාහ ඉක්මවයි. ඔවුන්ගේ මාසික ආදායම මිලියන දහය ඉක්මවයි. අභාග්‍යකට මෙන් ඔවුන් ආදායමෙන් 25% ක් වත් දුප්පත් ළමයින්ට ඉලෙක්ට්‍රෝනික උපකරණ ලබා දීමටවත් නොමිලේ දුප්පත්ම දරුවන්ට අධ්‍යාපනය ලබා දීමටවත් සංවිධානාත්මකව මැදිහත් නොවේ. ඒ ලංකාවේ හැටිය. රටක චින්තනය දුප්පත් වන විට වෘත්තීය වියතුන් ගේ චින්තනයත් එසේම වේ.

දෙමවුපියන්ට මේ තත්වය යටතේ පාසල් වසා තැබීම වෙන රටවල මෙන් අර්බුදයක් ඇති නොකරයි. මක් නිසාද යත් පාසල් ඇර තිබුණත් ළමුන් අනිවාර්යයෙන්ම ටියුෂන් යන නිසා අධ්‍යාපනය පැත්තෙන් ඔවුන් ට බරපතල ගැටලුවක් ඇති නොවේ. ලංකාවේ අධ්‍යාපනය යනුවෙන් හඳුන්වන්නෙ විභාග සමත් වීමයි.

පාසල් වසා තිබුණත් ශිෂ්‍යත්ව විභාගයට බලපෑමක් නැත. බොහෝ ප්‍රාථමික ගුරුවරු ශිෂ්‍යත්ව පන්ති ඔන් ලයින් ටියුෂන් කරති.
ටියුෂන් පංති ගණන ප්‍රමාණාත්මකව අඩුවී ඇති අතර ඒවායේ තත්වය ගුණාත්මකව දියුණු වී සහභාගි වන ළමුන් ගණන කීප ගුණයක් වී අත. මෙහිදී ගුණාත්මක තත්වය ලෙස හඳුන්වා ඇත්තේ විභග ඉලක්ක ගතව ඉගැන්වීමයි.
කෙසේ වුවත් සමහර දරුවන් සෙල්ෆ් ස්ටඩීස් වලට දක්වන නැඹුරුතාවය දියුණු වී පවතී. එය ප්‍රතිශතයක් වශයෙන් හඳුනාගත නොහැකි වුවත් මම එය දරුවන් තුල නිරීක්ෂණය කර ඇත්තෙමි. යම් ප්‍රමාණයක දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රායෝගික යෙදීමක් බවටද පත්ව තිබේ. මේ දරුවෝ රිසි පරිදි අංතර්ජාලය භාවිතා කරති.
පාසල් විවෘත කළ සමයක තමන් උගන්වන විශයන් ගැන කියවීම් නොකරන වෘත්තීය අමතක කර සිටින ගුරුවරු අර්බුදයට යනු ඇත. එවිට ඔවුන් අවලාද හා වේවැල මගින් තම අඩුපාඩු වසා ගනු ඇත.
Zoom වැඩ සටහන් බහුල මෙකල ගුරුවරුන්ගේ විශය දැනුම වැඩිකරන කිසිදු වැඩසටහනක් තිබුණා දැයි නොදනිමි. එහෙම යාවත්කාලීන නොවී ඉගැන්වීම ලංකාවේ අරුමයක්ද නොවේ. මේ කතා කරන්නේ සමස්ථය ගැනය. මීට වෙනස්ව ගුරුවරු ඵලදායි ව කොරෝනා සමයේ වෘත්තීය ක්‍රියා කාරකම් වල නියැලුන අවස්ථා මා දැක ඇත.
මට හිතෙන්නෙ උසස් පෙළ සිසුන් පාසල් විවෘත කළ ද අනාගයේ පාසල් අධ්‍යාපනය ගැන අද තරම්වත් තැකීමක් නොකරනු ඇත. මක් නිසාද යත් මේවන විට ටියුෂන් අධ්‍යාපනය සමඟ හැරීමටවත් සාම්ප්‍රදායික ව හිතන ගුරුවරුන්ට නොහැකි වන බැවිනි.

කොරෝනා සමයේ හඬක් නැති දෙමවුපියන්ගේ දරුවන් බොහෝ දෙනෙක් අධ්‍යාපනයට සමුදෙමින් සිටී. ඒ ගැන උස් හඬින් කතා කරන එකෙක් හෝ මට හමුවී නැත.

– ජයන්ත කහටපිටිය(fb)

Leave A Reply

Your email address will not be published.

eighteen + 1 =