හිටපු ජනාධිපති මෛත්‍රීගේ නිවසේ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ හදිසි රැස් වීමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසේදී ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ කිහිපයක නායකයින් අද(21) පස්වරුවේ හදිසියේ රැස් වී තිබේ.

යුගදනවි බලාගාරයේ 40% ක කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට මේ පිළිබඳව තම අදහස් ඉදිරිපත් කිරීමට මෙම හමුවීම් සිදු කළ බව දයාසිරි ජයසේකර අමාත්‍යවරයා සඳහන් කළේ ය.

විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පාර්ශව 11 ක් ඊයේ(20) පස්වරුවේත් රැස් වී සාකච්ඡා කළේය.

අද(21) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු වී පක්ෂ නායකයින් සාකච්ඡා කර ඇත්තේ, එහි තවත් පියවරක් ලෙස බවද වාර්තා වේ.

Leave A Reply

Your email address will not be published.

four + 16 =