“ජනාධිපතිවරයා ද්‍රවිඩ ඩයස්පෝරාවට ඇරයුම් කිරීම ගැන සතුටුවෙනවා”

- එම්.ඒ. සුමන්තිරන්

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් අද ප්‍රකාශයක් කරමින් පවසන්නේ, නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා අතර පැවති විශේෂ හමුවේදී තමා ද්‍රවිඩ ඩයස්පෝරාවට සාකච්ඡා සඳහා ඇරයුම් කරන බවට ජනාධිපතිවරයා පැවසීම ගැන තමා සතුටු වන බවයි.

සුමන්තිරන් මන්ත්‍රීවරයා පවසන්නේ ජනාධිපතිවරයා ගත් එම තීරණය ‍යහපත් පියවරක් බවත් දෙමළ ඩයස්පෝරාවට සම්බන්ධ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ලෝකයේ බොහෝ රටවල විසිරී සිටින බවයි.

දෙමළ ජනතාවගේ මහජන නියෝජිතයන් වශයෙන් තම කණ්ඩායම සමග සාකච්ඡා කර එම ජනතාවගේ ගැටළු විසඳීමට කටයුතු කරන්නැයි සෑම අවස්ථාවකදීම ඉල්ලා සිටියද එම ඉල්ලීම මේ දක්වාම හරියාකාරව ඉටු නොවුණු බවත් සුමන්දිරන් මන්ත්‍රීවරයා පවසයි.

Leave A Reply

Your email address will not be published.

fourteen − eight =