නිදහස් වෙළද කලාප සේවක ජීවිත තවදුරටත් කොවිඩ් අවධානමේ

නිදහස් වෙළද කලාප සේවකයින් බොහෝ පිරිසක් මේ වනවිට කොවිඩ් වෛරසයට ගෙදෙුරු වී ඇති අතර බොහෝ පිරිසක් බෝඩිම්වලම නිරෝධායනය වීමට සිදුව ඇති තත්වයක් තුල මෙම සේවකයින්‍ගේ ජීවිත දැඩි අවධානමකට ලක්වී ඇති බවත් වෙළඳ කලාප සේවකයින්ගේ ජාතික මධ්‍යස්ථානයේ කැඳවුම්කරු ගාමිණී රත්නායක පවසයි.

එසේම ආයෝජන මණ්ඩලයේ බලධාරීන් හෝ කම්කරු කොමසාරිස්වරයා හෝ මේ සම්බන්ධයෙන් කිසිදු විසඳුමක් මෙම කලාප සේවකයින්ට ලබා දී නොමැති බවද ඔහු පවසයි. ඔහු මේ බව පැවසූවේ මේ සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී ගාමිණී රත්නායක දක්වන ලද අදහස්

“කොවිඞ් වසංගතය ආරම්භක මොහොතේ සිට මේ දක්වා දිගටම නිදහස් වෙළඳ කලාප විවෘතව තියෙනවා. රටම ලොක්ඩවුන් කළත් වෙළඳ කලාප ලොක්ඩවුන් කලේ නෑ. වසංගත තත්වය සමග මෙහි සේවය කරන සේවක සේවිකාවන් මුහුණපාන ගැටලු ගණනාවක් තියෙනවා අවධානයට ගතයුතු.
අප රටේ ආර්ථිකය විශාල කඩාවැටීමකට ලක්වෙලා. ඩොලර් සංචිත නොමැති වීමෙන් රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සීමා කරලා. රටට ඩොලර් ගේන ප්රධාන ආදායම් මාර්ගය බවට පත්වෙලා තියෙන්නෙ වෙළඳ කලාප ආශ‍්‍රිත නිෂ්පාදනයි. මහබැංකුු වාර්තාවට අනුව 2021 අවුරුද්දෙ පළමුවන කාර්තුවෙ ඇ.ඩො.මිලියන 300කට ආසන්න මුදලක් වෙළඳ කලාප සේවක ශ්රමයෙන් අප රටට ගෙනත් දීලා තියෙනවා.“

Leave A Reply

Your email address will not be published.

eighteen + twelve =