ඒකට කියන්නේ දේශන පැවැත් වීමයි

ලංකාවේ අමුතු සෙල්ලමක් පවතී. ඒකට කියන්නේ දේශන පැවැත් වීමයි. මේ දේශන පවත් වන්නේ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් , පරිපාලන සේවයේ සිටින හා විශ්‍රාම ගිය නිලධාරීන් , නළුවන්, සංගීත ශිල්පීන් ආදීන්ය. ඔවුන්ගෙන් බහුතරය පිටිසර දුප්පත් ගම්වල ඉපදී නිදහස් අධ්‍යාපනය නිසා ඉගෙන ගෙන නගරයට සේන්දු වී ළමුන් ජනප්‍රිය පාසල් වලට හෝ විදේශ ගතකර අධ්‍යාපනය ලබා දෙන අයයි. ඔවුන් සොයාගත් නව නිපයුමක් හෝ ලියූ පත පොතක් ද නැති බැවින් ඔවුන්ට විකිනීමට ඇති එකම දෙය ළමා වියේ තමන් අත්විඳි දුප්පත් කමත් ගැමි කමත්ය. මේ බහුතරයක් දේශකයෝ ළමුන් හා වැඩිහිටියන් ඉදිරි පිට කිසිදු හිරිකිතයකින් තොරව ඔවුන්ට ලණු දෙති. ඒවා මෙසේය.

# ඔවුන් කුඹුරු , වී බිහි වලට , ගම්වල හේන් වලට පුදුම තරම් ආදරේය.

# වැවුවල නෑම , වක්කඩ වල වතුර බීම , හරක් පස්සේ යෑම මාර ආතල් වැඩය.

# ලෝකයේ හොඳම ආහාරය කුරක්කන්ය.

# පොල් අතු ගෙවල් උළු මාලිගා වලට වඩා මාර ගතිය.

# ගජමන් හා එකල මුදලිවරුන් අත හුවමාරු වූ කවි ඉතාම ඉහල ඝණයේ කවිය. සංදේශ
    කවි මාරය.

# ගුණදාස කපුගේගේ දවසක් පැල නැති හේනේ ගීය, සේකරගේ අම්මා ගැන කවිය කටපාඩමින් කියමින් රස           වින්දනය කිරීම අනිවාරයය .

# ඒ කාලයේ ගුරුවරු දෙවි වරු වන අතර වේ වැලෙන් ගුටිකෑම මහා ශ්‍රෙෂ්ඨ වැඩකි.

# ලෝකයේ හොඳම භාෂාව සිංහල වන අතර ඉහලම සංස්කෘතිය සිංහල ගැමි සංස්කෘතියයි.

# කුල භේදයේ හොඳ ලක්ෂන, බාර හාර, කෙම් ක්‍රම වල විද්‍යාත්මක පැත්ත ගැන පැය ගනන් කතාකරති.

# පාරම්පරික වගා ක්‍රම තිබුණේ නම් මේ කෝටි දෙකයි කාලට ආහාර සැපයීම වැඩක් නොවේ.

# සුද්දා පැමින ලංකාවේ සාර ධර්ම විනාස කර රට කන ලදී.

# සුද්දෝ වනචරය., නැහැදිච්ච උන්ය, උන් මානව සම්බන්ධතා නොදනිති. උන් කුඩුකාරයෝය, ආත්මාර්ථ                    කාමීය. කුමන්ත්‍රණ කාරයෝය.

# බටහිර සංගීතය මාර ගොන් පාට් එකකි. ඒක කුඩු කාරයන්ගේ මාධ්‍යයක්ය.

# ⁣ලංකාවට කෙලවුණේ වැවු විනාශ වීම නිසාය.

# කොම්පියුටර්, ස්මාර්ට් ෆෝන්, අන්තර් ජාලය ළමුන් විනාශ කරයි.

ඔය දේශපාලකයො ජාතික ඇඳුම අඳින එකත් ඔය චින්තනයෙම දිගුවක් තමයි.
මෙන්න මෙවැනි කතා කියන ඔවුහු යන්තම් ඉංග්‍රීසි කටගාගත්තද ඉංග්‍රීසි පත පොත කියවීමට , සිනමා, නාට්‍ය, සාහිත්‍යය පරිශීලනයට තරම් ඉංග්‍රීසි දැනුමක් නැත. හොඳට හොයා බැලූ විට සිහල අවුරුදදට වත් ගමේ යන්නේත් නැත.
එහෙත් මේ දේශන අහන්නට එන ළමුන්ට ඇත්තේ ඔවුන් ජීවත්වන වර්තමානය තුල ඇති ප්‍රශ්නය.

– ජයන්ත කහටපිටිය

(September 20, 2018 fb ලියන ලද සටහනක් )

Leave A Reply

Your email address will not be published.

twenty − twelve =