කොවිඩ් මරණ 93ක්, කොවිඩ් මරණ 40%කින් පහළගිහින්

කොවිඩ් මරණ 93ක් ඊයේ (19) දින තුළ සිදුවූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද (20) තහවුරු කර තිබේ.

මෙම මරණ 93 ත් සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති.

මියගොස් ඇති මෙම මරණ 93 න් වයස අවුරුදු 60 ට වැඩි 68 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30 – 59ක් අතර පුද්ගලයන් 24ක් සහ අවුරුදු 30ට අඩු එක් පුද්ගලයෙකු ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ දැක්වේ.

මේ අතර නිරෝධායන ඇඳිරිනීතිය පනවා මාසයක් සම්පූර්ණ වන අද (20) වනවිට කොවිඩ් ආසාදිත මරණවල සැලකිය යුතු අඩුවක් පෙන්නුම් කරන බව දිනපතා වාර්තා වන දත්ත අනුව පෙනීයයි.

මේ අනුව ගෙවීගිය එම කාලය තුළ කොවිඩ් ආසාදිත මරණ පහළයාමේ ප්‍රතිශතය 40%කි.

Leave A Reply

Your email address will not be published.

18 − fourteen =