අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස ලංකාවට

නිල සංචාරයක් සඳහා ඉතාලිය බලා පිටත්ව ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ඇතුළු දූත පිරිස අද(20) අලුයම ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 309 දරන ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේ ය.

ඉතාලියේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවති ජී 20 අන්තර්ජාතික සමුළුවට සහභාගි වීම සඳහා අග්‍රාමාත්‍යවරයා පවුලේ කිහිපදෙනෙක් ඇතුළු දූත පිරිස දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 10 වැනිදා ය.

සමුළුවේ ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජත්‍රාන්ත්‍රික හමුවීම් රැසක් මෙහිදී සිදුව වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ ය.

 

Leave A Reply

Your email address will not be published.

twenty + thirteen =