“සුරාසැල් විවෘත කිරීම නියෝගය දෙන්නට ඇත්තේ ‘භූතයෙක්’ වෙන්න ඇති”

- හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

සුරාසැල් විවෘත කිරීම පිළිබඳ විවිධ පාර්ශව වලින් විවේචන එල්ල වෙද්දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මන්ත්‍රීවරයා පවසන්නේ සුරාසැල් විවෘත කිරීමට නියෝග දුන්නේ කවුරුන්දැයි නිශ්චිතවම නොදන්නේ නම් එයට නියෝගය දෙන්නට ඇත්තේ ‘භූතයෙක්’ යැයි ද ආණ්ඩුව පවත්වාගෙන යාමට මුදල් අවශ්‍ය බැවින් සුරාසැල් විවෘත කළ බව ද පවසයි.

ඊයේ (19) කඩුවෙල – දකුණු තලංගම ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පැවැත්වූ ලේ දන් දීමේ වැඩසටහනකට සහභාගීවීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පලකර තිබේ.

සුරාසැල් විවෘත කිරීමට නියෝග දුන්නේ කවුරුන්දැයි නිශ්චිතවම නොදන්නේ නම් එයට නියෝගය දෙන්නට ඇත්තේ ‘භූතයෙක්’ බවද මෛත්‍රිපාල මන්ත්‍රීවරයා සදහන් කරයි.

“පෝසතුන්ට සල්ලිකාරයින් ට මත්පැන් ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ඔන්ලයින් කතා කරාම එවනවා. ඔය බාර්වල පෝළිම්වල හිටිය අයගේ තත්ත්වය ගත්තහම, තුන්වේල කන්න අමාරු අය තමයි බාර් එකේ පොළිමේ ඉන්නේ. ඉතින් මේක හරිම පිළිකුල් සහත දෙයක්.” යැයි ද හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

 

Leave A Reply

Your email address will not be published.

three × 1 =