පද පැටළිලි…

අලුත් ප්‍රොජෙක්ට් එකක වැඩක් බාර දීලා තිබුණු ගෑනු ළමයා ලැප් එකත් උස්සගෙන ලොකුතැනගෙ කන්තෝරු කාමරේ ඉඳලා ආවෙ මූණ පුරා කඑ වලාකූඑ පුරවගෙන. එයා රාධාගෙ මේසෙ ළ`ඟ නතර වුණේ වලාකුළත් ඉරාගෙන. ඉදිරිපෙළෙත්, පසුපෙළෙත් හිටි දෙතුන් දෙනාගෙ ඇස් නතර වෙලා තිබුණෙත් එතැන.

“කොච්චර මහන්සි වෙලා ද මිස් මම මේ ප්‍රොජෙක්ට් එක හැදුවෙ? මෙහෙ නෙවී වෙන රටවල සිස්ටමුත් චෙක් කළා. දවස් ගාණක් නිඳිමරාගෙන සර්ච් කරලා පුදුම මහන්සියක් ගත්තෙ. එහෙම කරලත් ලොකු සර් කියපු කතාවට මගෙ හිතට හරි වේදනයි…” සට සට ගාලා වැටෙන කඳු`එ එක්ක කෙල්ල කියද්දි, ලොකු හුස්මක් එළියට දාපු රාධා ළඟ ම තියෙන පුටුව පෙන්නලා කිව්වෙ, “වාඩිවෙන්න…” කියලයි.

“මොකද්ද ලොකු තැන කිව්වෙ…?” රාධා ඇහැව්වෙ හීන් හඬින්.

“ඔයා තමයි හොඳට ම කරලා තියෙන්නෙ කියලා කිව්ව නේ” කෙල්ල කිව්වෙ ලේන්සුවෙන් කඳු`එ පිහින ගමන්.

කටට ආව හිනාව අමාරුවෙන් තද කර ගත්තු රාධා ඇහෙන් ඉඟි කළේ ඡන්නට ළඟට එන්න කියලයි. සීරියස් මූඩ් එකකින් ළඟට ආව ඡන්නගෙ මූණෙ ප්‍රශ්නාර්ථ ලකුණු ඇඳුණෙ රාධාගෙ මූණයි, කෙල්ලගෙ මූණයි ටැලි නොවෙන පරස්පරතාවකින් පිරිලා තිබුණු හන්දයි.

“මේ දරුවා සෑහෙන්න මහන්සි වෙලා ප්‍රොජෙක්ට් එකක් ලියලා. ඒක බාර දුන්න ම ලොකුතැන කියලා ඔයා තමයි හොඳට ම කළේ කියලා.” රාධා පැහැදිලි කළේ ඡන්නට. එක පාරට ම කටින් එළියට පැන්න හිනාව යට කර ගන්න ඡන්නට නෙවේ වුවමනාවක් තිබුණෙ. මේ හතරබීරි රංගනෙ හන්දා දෙපෙළෙ ම කට්ටිය උන්නෙ තුෂ්ණීම්භූත වෙලයි.

“ඒක හරියට ම හරි. මේ තරං අමාරුවෙන් මහන්සි වෙලා කළ වැඩක් ජෝක් කරන එක වස වැරැද්දක්. ලොකුතැනටත් මොළයක් නැද්ද?” කියලා කියපු ඡන්න උදුම්බරා දිහා බලලා සද්දෙට ම කිව්වෙ “අච්චර මහන්සි වෙලත් එහෙම කිව්ව එක වැරැදියි” කියලයි.

“මේ නංගි මහන්සි වෙලා ලියපු ප්‍රොජෙක්ට් එකක් ලොකුතැනට පෙන්නුව ම එයා කියල නෙ ඔයා තමයි හොඳට ම කළේ කියලා.” තුෂ්ණීම්භූත වෙච්චි මූණු ටික දිහා බලාගෙන කියද්දී, සුන්දරී ෆයිල් ගොඩක් අස්සෙ මූණ ඔබා ගත්තෙ “මළ විකාර…” කියාගෙන.

සුන්දරී ඇරුණම බ්‍රාන්ච් එකේ උන්නු ඔක්කොම හිනාවෙද්දී, උදුම්බරා කිව්වෙ “හතුරෙකුටවත් පාවිච්චි කරන්න නොවටින වචන පහක් නෙ අප්පා එයා භාවිතා කරලා තියෙන්නෙ…” කියලයි.

“මේ මොන විකාරයක් ද? හොඳට ම කළා ම ‘හොඳට ම කළේ ඔයා’ කියලා නොකියා වෙන මොකක් කියන්න ද? මොකක් හරි නොවැටහෙන අදහසක් එතන තියේ ද?” ඡන්නගෙ මූණ දිහා බලාගෙන කියපු සීතා ඊ ළඟට බැලුවෙ කෙල්ලගෙ මූණ දිහා.

“ඇයි මිස් බටු ඇට තරං පොඩි කොල්ලන්ගෙ ඉඳලා වයසක ජෙනරේෂන් එක වෙනකල් ම කට්ටිය මේ වාක්කිය කියන්නෙ උපහාසෙට නෙ. ඒකයි මාත් අවුල් වුණේ…”

“හොඳට ම කළා ම ‘හොඳට ම කළා’ කියලා නොකියා වෙන මොනවා කියන්න ද? ඔයා හොඳට කළා නං ලොක්ක නෙවේ, තමන්ට ම පු`එවන්කම තියෙන්න එපායැ ‘මං තමා හොඳට ම කළේ’ කියල කියන්න. ඒකටත් තමුන් ගැන ම අතිවිශාල විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම අය ඒ වාක්‍යය භාවිතා කරනවා. මෙතැන අඬන්න දෙයක් වෙලා නෑ නෙ” කියලයි සීතා වැඩි දුරටත් පැහැදිලි කළේ.

කට්ටියගෙ ම මූණු සීරියස් මූඩ් එකකට මාරු වුණේ “අනේ මේ ! මිනිස්සුන්ගෙ ජීවිතවල වටිනාකමුත් වයස් කාණ්ඩ හැටියට කැටගරි කරල තියෙන දූපතක වචන පහක් ගැන වොරි වෙවී කඳු`එ නාස්ති කරන්නෙ මොන පිස්සුවකට ද?” කියලා ප්‍රමිලා කියද්දියි.

■ හර්ෂිණී පුෂ්පමාලා ආරච්චිගේ
Leave A Reply

Your email address will not be published.

eighteen − 11 =