සෙල්ල කතරගම වන රක්ෂිතයේ හේන් කොටන්නේ මොන රාජපක්ෂද..?

කතරගම ප‍්‍රාදේශීය දේශපාලකයෙකු විසින් සෙල්ල කතරගම කොහොඹ දිගාන සහ කරවිලේ ප‍්‍රදේශයේ වන රක්ෂිතයේ අක්කර 178 ක් පමණ සීමාව අල්ලා ගෙන ගස්කපා ගිනි තබා වැට මායිම් දමාගන ඇතැයි වාර්තාවේ.

මෙයට අමතරව තවත් පිරිසක් මහ වනය කපා ගිනිතබා වැට මායිම් දමා දීමට අක්කරයට රුපියල් (50,000) පනස්දාහේ සිට රු. ලක්ෂය දක්වා මුදල් ලබාගැනීමේ ජාවාරමක නිරත වී සිටීන බවට හෙලිවී ඇත.
“ නීතිය ක්‍රියාත්මක කරන්න ගියොත් රස්සාව නැති වෙනවා. රස්සාව නොකෙරුවොත් උත්තර දෙන්න වචන නැති වෙනවා. වැටලීමකට සූදානම් උනොත් ඊට කලින් දුරකතනයට කතා කරලා කියනවා. අපි චමල්ගේ නැත්නම් නාමල්ගේ නැත්නම් ශෂීද්‍රගේ මිනිස්සු උඹලා පාඩුවේ ඉදපං නැත්නම් වැඩේ වරදිනවා කියලා. අපි දන්නේ නෑ එතුමාලා පාර්ලිමේන්තුවේ ඉදගන ගෝලයෝ දම්මලා හෙන් කරනවද කියලා නමුත් කියන්නේ එහෙමයි. වන ජීවියේ හරි වන සංරක්ෂනේ හරි රක්ෂිත කපනවාට උදවු කරන අය ඇති නමුත් හැම නිලධාරියම මේවට සම්බන්ධ නෑ.“

මෙම ප්‍රදේශවල සිදුකරමින් පවතින රක්ෂිත වන විනාශය සම්බන්ධයෙන් අප කල විමසීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ප්‍රකාශ කලේ එවන් අදහසකි.

කෙසේ වෙතත් යාල වන සීමාවේද ලූණුගම්වෙහෙර වැනි රක්ෂිතයන් තුළ මැණික් ගැරීම පිණිස පතල් කැපීම මත වටිනා ගස් රැසක් මේ වනවිටත් විනාශ කර ඇතැයි අප වාර්තා කරුවෝ පවසති.

මෙලෙස හේන් කරන මුවාවෙන් ඉඩම් අල්ලන පිරිස් අතර වැඩිම පිරිසක් මෙම ආණ්ඩුවේ ප‍්‍රදේශීය දේශපාලනඥයන් බව හෙලිවී තිබේ. මෙයට අමතරව රජයේ නිලධාරින්, මෙන්ම ආරක්ෂ අංශවලට අදාළ පිරිස් ද මේ අතර සිටින බව අවට ප්‍රදේශවල ජනතාව පවසති.

Leave A Reply

Your email address will not be published.

seventeen − 3 =