ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ගේ ජීවිත සරල හෝ සොඳුරු නැත

ගණිකා නිවාසයක පොලිස් වැටලීමක් පිළිබඳව ප්‍රවෘත්තියක් YouTube චැනලයක් විසින් අසංවේදී ලෙස ආවරණය කිරීම සම්බන්ධයෙන් උපුල් ශාන්ත සන්නස්ගල පසුගියදා වීඩියෝ පටයක් පළ කර තිබුණා. ගණිකා නිවාස, ලිංගික ශ්‍රමිකයින්, විවාහයෙන් පිට සබඳතා, ආදර සබඳතා මේ ආකාරයට අතිශයෝක්තියෙන් නිරූපණය කිරීම අපේ මාධ්‍ය තුළ ඉතා සුලභ ය. මෙයින් පිළිඹිබු වන්නේ අවස්ථාවක් ලද සැනින් එළියට පනින, අප සමාජය තුළ ගැඹුරට මුල් බැසගෙන ඇති ස්ත්‍රී-විරෝධී ආකල්ප වේ. ලිංගිකත්වය සම්බන්ධයෙන් ගත් විට අප දැඩි ලෙස කුහක සමාජයකි.

අමරසිරි පීරිස්ගේ ‘ළඳුනේ’ ගීතය රස විඳිමින් එම ගීතයේ වැදගත්කම පිළිබඳව ගැඹුරු සංස්කෘතික විග්‍රහයක යෙදෙන එම සමාජයම ඊළඟ තත්පරයේදී ස්ත්‍රීන්ට නින්දා අපහාස කරයි. ලිංගික ශ්‍රමික ස්ත්‍රීන්ගේ ජීවිත සරල හෝ සොඳුරු නැත. බොහෝ විට, ඔවුන්ට අපයෝජනයට හා සූරාකෑමට ලක් වීමේ ඉතිහාසයක් ඇත (නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ගෙන් සහ එම ආයතන වලින් ද ඇතුළුව). අපේ සමාජයේ සෑම අංශයකම දකින්නට ලැබෙන මෙම දෙබිඩි පිළිවෙත් හා කුහකකම ඇති සැටියෙන් දකින තුරු ප්‍රාථමිකත්වයේ සිට අඟලක් හෝ ඉදිරියට අප දියුණු වී හෝ පරිණාමය වී ඇතැයි අපට කිව හැකිද?

– හරිනි අමරසුරිය

(2) Facebook

Leave A Reply

Your email address will not be published.

12 − 12 =