අභ්‍යාවකාස තරණය කළ පලමු කලු ජාතික කාන්තාව

පෘථිවිය වටා ඊයේ (15) කක්ෂගත කළ යානයේ සිට අභ්‍යාවකාස තරණයේ යෙදුනු පලමු කලු ජාතික කාන්තාව බවට පත්වීමේ භාග්‍ය හිමිකර ගෙන ඇත්තේ සියෑන් ප්‍රොක්ටර් (Sian Proctor)මහත්මියයි. “තමන්ගේ සිහිනය සැබෑ කර ගැනීමට පමණක් මෙම අභ්‍යාවකාස තරණය ඉවහල් නොකරගන්නා බවත්, මෙය තමන්ගේ ඊළඟ පරම්පරාවේ වර්ණ ගැහැනුන්ට සහ වර්ණ ගැහැනු ළමයින්ට ද මෙම ආභාෂය ලබා දීමට තමන් මෙය අවස්ථාවක් කරගන්නා බවත්” ඉතා නිහතමානීව ඇය මාධ්‍යයට එපිලිබදව අදහස් දක්වමින් කියා සිටියේය.
පෘථිවිය වටා කක්ෂගත කළ පළමු සිවිල් අභ්‍යවකාශ යානයේ මෙම මෙහෙයුම සඳහා එකතුවූ කාර්ය මණ්ඩලය රැගත් ඩ්රැගන් අභ්‍යවකාශ යානය (Dragon spacecraft)ට සහභාගීවී සිට ඇත්තේ පෞද්ගලික පුරවැසියන් සිව් දෙනෙකුය. ඔවුන් ඇතුලත් මෙම මෙහෙයුමට ඉන්ස්ප්රේෂන් 4 (Inspiration4) යනුවෙන් නම්කර තිබේ. ඇරිසෝනා හි විද්‍යාඥයෙකු, ගුරුවරයෙකු සහ ලෝක ගවේෂකයෙකු වන සියන් ප්‍රොක්ටර් එහි සිටි සිව් දෙනාගෙන් කෙනෙකි.
මෙය අනුව සියෑන් ප්‍රොක්ටර් අභ්‍යවකාශ යානා නියමුවා (spacecraft pilot – Sian Proctor) ලෙසද ඉතිහාස ගත වේ. එමෙන්ම ඇය භූ විද්‍යාඥයෙකු, කලාකරුවෙකු සහ විද්‍යා සන්නිවේදකයෙකු වන අතරම නියමු ප්‍රොක්ටර් දශක ගණනාවක් තිස්සේ අභ්‍යවකාශ අංශයේ තම මාවත සකසා ගෙන ඇති බව Space.com පෙන්වා දෙන්නේය. තවද මෙම මෙහෙයුම කක්ෂගත කිරීම සඳහා දියත් කළ පළමු සිවිල් මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වේ.
2009 දී නාසා ආයතනයේ ගගනගාමී අපේක්‍ෂක වැඩසටහනේ (NASA’s astronaut candidate program) අවසන් තරඟකරුවෙකු වී වසර ගණනාවකට පසු, ඊයේ රාත්‍රියේ (සැප්තැම්බර් 15) රාත්‍රියේ ඇය ඉන්ස්පිරේෂන් 4 මෙහෙයුම (Inspiration4 mission) සමඟ කක්ෂගත විය. එය සමගම ඇය ගගනගාමියෙකු වීමේ ඇගේ එකම සිහිනය සැබෑ කර ගත්තේය.
ශාන්ට් ජූඩ් ළමා පර්යේෂණ රෝහල (St. Jude Children’s Research Hospital) සඳහා මිලියන ගණනක් එකතු කිරීමේ උත්සාහයක කොටසක් ලෙස පවත්වාගෙන ගිය ෂිෆ්ට් 4 පේමන්ට්ස් (Shift4 Payments) හි නිර්මාතෘ ප්‍රකෝටිපති ජෙරඩ් ඉසැක්මන් (Billionaire Jared Issacman) මෙම අභ්‍යාවකාස යානය මිලදී ගෙන තිබේ. ඔහු සමඟ මෙම තරණයට හාලි ආර්සෙනෝ (Haley Arceneaux), ක්‍රිස් සෙම්බ්‍රොස්කි (Chris Sembroski) සහ මෙහි නියමු කාන්තාව සියෑන් ද මෙම පළමු සිවිල් අභ්‍යාවකාස තරණ මෙහෙයුමට එක්වී ඇත්තේ ෆ්ලොරිඩාවේ මෙරිට් දූපතේ නාසා ආයතනයේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථාන (NASA’s Kennedy Space Center in Merritt Island, Florida) භූමියේදීය.
කාර්ය මණ්ඩලය දින තුනක් කක්ෂයේ ගත කර සෙනසුරාදා (සැප්තැම්බර් 18) වනදා වනවිට නැවත පෘථිවියට පැමිණෙනු ඇති බව පැවසේ.
– Ashoka Peiris (CSNA)

Leave A Reply

Your email address will not be published.

one × four =