සිරකරුවන්ගෙන් කිසිදු ප්‍රකාශයක් ගෙන නෑ – රත්වත්තේ මැණික් හා ස්වර්ණාභරණ අමාත්‍යංශයට විනයගරුකද?

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිණි අවියක් පෙන්වා සිරකරුවන්ට පිස්තෝලයක් පෙන්වමින් හිංසාවන් පැමිණවීමේ සිද්ධිය සිදුවී මේ වන විට දින තුනක් ගත වී ඇතත් මෙතෙත් එම හිංසනයට ලක් වූ සිරකරුවන්ගෙන් කිසිදු ප්රකාශයක් ලබාගෙන නොමැති බව The Morning පුවත්පත සහ එම වෙබ් අඩවිය වාර්තා කර තිබිණි.

මේ පිලිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගෙන් විමසීමකදී පවසා ඇත්තේ තවමත් එම සිද්ධිය පිලිබඳ පරීක්ෂණයක් ආරම්භ කර නොමැති අතර හෙට(15) දිනය වන විට අදාළ සිරකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව පවසා තිබේ.

රත්වත්තේගේ මෙම බීමත්ව යකා නැටීම සිදුවූ බව වාර්තා කිරීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ප්‍රතික්ෂේප කළ බවට ඔහු මීට පෙර සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ සඳහන් කළේ “මම කිව්වේ ජනමාධ්ය කියන සියල්ල නිවැරදි නොවන බව පමණයි” යනුවෙනි.

තමන් විසින් සිදු කළ ක්‍රියාවන් සම්බන්ධයෙන් වරද භාරගනිමින් ලොහාන් රත්වත්තේ විසින් සිය බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට අද සමු දුන් පමණින් නිතිය සාධාරණත්වයට ආදර්ශයක් සැපයිය හැකිද.

එසේ නම් ලොහාන් රත්වත්තේ තවදුරටත් සිය මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ තව දුරටත් රැඳී සිටින අතර ඔහුගේ හැසිරීම එම අමාත්‍යංශයට ප්‍රශ්නයක් නොවේද?. බන්ධනාගාරයට ඇතුළු වී ගිණි අවියක් පෙන්වා සිරකරුවන් බිය වැද්දූ රාජ්‍ය ඇමතිවරයා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත අමාත්‍යංශයට සම්බන්ධ ස්ථානයකට ගොස් එසේ නොකරයිය යන්නට ඇති විශ්වාසය මොකක්ද?.

 

Leave A Reply

Your email address will not be published.

18 + thirteen =