කොවිඩ් ආසාදිත 132 දෙනකු ඊයේ (14) මියගිහින්

කොවිඩ් ආසාදිතවූ තවත් 132 දෙනකු ඊයේ (14) දිනයේ මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (15) තහවුරු කළේය.

මෙම මරණ 132 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 11,699 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය 132 දෙනාගෙන් 101 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 28 දෙනෙක් සහ වයස අවුරුදු 30ට අඩු තිදෙනෙක් ද ඒ අතර වෙති.

 

Leave A Reply

Your email address will not be published.

three × 5 =