බන්ධනාගාරවළ යකා නැටූ ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

පසුගිය 12 වනදා වැලිකඩ හා අනුරාධපුරයේ බන්ධනාගාරවල සිදුවූ යකා නැටීමේ සිදුවීමට අදාළව බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

වැලිකඩ බන්ධනාගාරයේදී බීමතින් කලහකාරී ලෙස හැසිරීමත් අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී ගිනි අවියක් පෙන්වා සිරකරුවන්ට යම් හිංසනයක් පැණවීමත් යන කාරණා සමාජමාධ්‍ය ඔස්සේ රාජ්‍ය අමාත්‍යවරයාට චෝදනා කළේය.

මෙම සිදුවීම් නිසා රජය අපහසුතාවයට පත් නොකොට තමා සිය රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් පවසයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරන්නේ ලොහාන් රත්වත්තේගේ ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇති බවයි.

Leave A Reply

Your email address will not be published.

fifteen − 3 =