ප්‍රංශ ජනාධිපතිධුරය සදහා පැරිස් නගරාධිපතිනිය සමාජවාදී පක්ෂයෙන් !

ප්‍රංශයේ ප්‍රථම කාන්තා ජනාධිපතිනිය වීම සඳහා පැරීසියේ ප්‍රථම කාන්තා සමාජවාදී නගරාධිපතිනිය ඈන් හිඩාල්ගෝ ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කර ඇති අතර, මධ්‍යගත වත්මන් එමානුවෙල් මැක්රොන්ට අභියෝගාත්මක ලැයිස්තුවක් එකතු කරමින් සිටී. 62 හැවිරිදි ස්පාඤ්ඤ ජාතික සංක්‍රමණික දියණිය ස්පාඤ්ඤයේ වියරු එකාධිපති ජෙනරාල් ෆෑන්කෝගේ පාලන කාලයේදී ප්‍රංශයට පලා ආවාය.

2014 සිට පැරීසියේ නගරාධිපතිනිය වූ ඇය ධ්‍රැවීකරණ චරිතයක් ලෙස තරඟයට අවතීර්ණ වූ අතර අගනුවරින් කාර් පලවාහැර නගරය හරිතකරණය කිරීමේ ව්‍යාපාරය නිසා මතවාදීමය ලෙස බෙදීගිය ජනතාවක් සහිත ගැහැණියකි .

පැරිස් නගරාධිපතිනිය ලෙස ඇගේ දිදුලන ජයග්‍රහණ අතර 2015 දී පැරිස් දේශගුණික ගිවිසුම් ඇති කළ COP 21 සමුළුව සහ 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා නියමිත නගරය සදහා පැරීසිය වෙනුවෙන් ගත් සාර්ථක උත්සාහය කෙලවර කලේ ජපානයේ ටෝකියෝ 2020 සමාප්ති උළෙලේදී ඔලිම්පික් සහ පැරාලිම්පික් කොඩි දෙකම පැරිසිය වෙනුවෙන් සියතට ගනිමිනි.

හිඩාල්ගෝ ප්‍රංශ ජනාධිපතිවරණ සටනට නිල වශයෙන් පිවිසෙන්නේ කැඩී බිඳී ගිය අසමගිය සහිත ප්‍රංශ වාමාංශික ක්‍ෂේත්‍රයක ක්‍ෂණිකව හඳුනාගත හැකි තරඟකරුවෙකු ලෙස ය. හිඩාල්ගෝගේ පසුබිම “ඇගේ ඡන්ද සටනේ ප්‍රධාන අලෙවි සලකුණු වලින් එකකි. ඇය ප්‍රංශයේ වෙනත් ජනාධිපතිවරුන් මෙන් නොව, වැඩ කරන පන්තියේ ස්පාඤ්ඤ සංක්‍රමණිකයෙකුගේ දියණිය වන අතර, ඇය හැදී වැඩුනේ ප්‍රංශයේ ලියොන්හි කම්කරු පන්තියේ නිවාස වතුවලය.
එහෙත් ඈන් ලෝක මට්ටමේ අගනුවරක් වන පැරීසියේ නගරාධිපති වීමට සමත් වී තිබේ,
“ඉතිං, ඇයට අවශ්‍ය තමාට ලැබුනු සමාන අවස්ථා අන් සියලු දෙනාටම ලැබීමට හා . අසමානතාවයෙන් දුප්පත්කමින් හා අධ්‍යාපනයෙන් වැඩි පීඩාවක් එල්ලවෙන ප්‍රංශ සමාජයට සහයෝගයක් ලබා දීමේ වැඩපිළිවෙලකි.

ප්‍රංශ අගනුවර පාලනයේ සිට රට පාලනය කිරීම දක්වා වු ක්ෂණික සෘජු පිම්මක් පැනීමට සුදානමි වු පළමු ජනාධිපති අපේක්‍ෂකයා ඈන් හිඩල්ගෝ නොවෙි. හිටපු ජනාධිපති ජැක් සිරාක් 1995 දී පැරිස් නගරාධිපති ලෙස සිට පසුව නගරය හරහා Élysie මාලිගය වෙත ගමන් කරමින් මෙම ජයග්‍රහණය ලබා ගත්තේය.

-උපාලි ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

seventeen − fourteen =