සොහොන් පිටියක් වගාවට දුන් ප්‍රදේශීය සභාවක්

තණමල්විල ප්‍රාදේශීය සභාවේ පාලනය යටතේ පවතින සෙවනගල, හබරළුවැව පොදු සුසාන භූමිය එම ප්‍රදේශීය සභාවේ සභාපති වසන්ත ලියනගමගේ විසින් යම් පුද්ගලයෙකුට පවරා දී ඇතැයි ප්‍රදේශවසීහු පවසති.

හබරළුවැව, මයුරගම, තුන්හිරියාව, අළුත්ගම්පෑලැස්ස ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව මියයන අවස්ථා වලදී එම දේහයන් මිහිදන් කිරීම් සිදුකරන්නේ මෙම සුසාන භූමියේ බව එම ජනතාව පවසති.

කෙසේ වෙතත් ගම්වාසීන් පවසන්නේ මෙම සුසාන භූමිය කිසියම් පිරිසක් විසින් ඩෝසර් යන්ත්‍ර යොදාගෙන එළිපෙහෙළි කරන බවත් ඒ ගැන පිළිබදව පළාත් පාලන කොමසාරිස්ට පැමිණිළි කළත් කිසිදු සාධාරණයක් ඉටු නොවූ බවත්ය.

Leave A Reply

Your email address will not be published.

nine − 7 =