කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස ජනාධිපති පත් කරයි

මුදල් හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද(13) පස්වරුවේ පත්කරනු ලැබීය. ඒ 15 සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අනුව අජිත් නිවාඩ් කබ්රාල් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස ලබන 16 වෙනිදා වැනිදා බ්‍රහස්පතින්දා වැඩ බාර ගැනීමට නියමිතය.

අජිත් නිවාඩ් කබ්රාල් මෙයට පෙරද වසර නමයකට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය දරා ඇත.

Leave A Reply

Your email address will not be published.

one × five =