කබ්රාල් යයි, කැටගොඩ එනවලු

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අද (13) දිනයේ සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපි අද පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව පොදුජන එක්සත් පෙරමුණ පවසයි.

මහ බැංකු අධිපතිවරයා ලෙස වැඩ භාරගැනීමේ අරමුණින් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සඳහන් කර තිබේ.

සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා ජයන්ත කැටගොඩ පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් අද මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.

මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විමසා සිටියේ, “යෝෂිත රාජපක්ෂ ත් පාර්ලිමේන්තු එනවා කියලා පොඩි රාවයක් යනවා නේද ? ” යනුවෙනි.

එහිදී පිළිතුරු දුන් සාගර කාරියවසම් “බලමු. තව දවස් කිහිපයයි නේ. එක එක බොරු කතා කියනවා. ඒක විපක්ෂයටත් පොඩි වින්දනයක් ගන්න ඉඩදීලා අපි නිසි දේ නිසි ආකාරයෙන් සිදුකරනවා,” යනුවෙනි.

Leave A Reply

Your email address will not be published.

one × four =