විස්සයි විස්ස තරඟාවලිය 2-0 කින් දකුණු අප්‍රිකාව ඉදිරියෙන්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව සමග පැවති දෙවැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය පහසුවෙන් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු ඕවර 18.1කදී ලකුණු 103කට දැවී ගිය අතර කුසල් පෙරේරා පන්දු 25කදී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ ලබාගත්තේ ලකුණු 20ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් පන්දු යැවීමෙන් ඒඩන් මාක්‍රම් සහ ටබ්රෙයිස් ශම්සි කඩුලු 3 බැගින් දවාගැනීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 104 කඩුලු එකක් පමණක් දැවී පන්දු ඕවර 14.1ක් තුළ ලබාගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෝ සමත් විය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්වින්ටන් ඩි කොක් නොදැවී 58යි, ඒඩන් මාක්‍රම් නොදැවී ලකුණු 21යි.

ඒ අනුව තරඟ 3න් සමන්විත තරඟාවලිය මේ වනවිට 2 – 0 ක් ලෙස ජය ලැබීමට දකුණු අප්‍රිකාව සමත් වී තිබේ.

Leave A Reply

Your email address will not be published.

ten + fifteen =