ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිල

ලබන මස(ඔක්තෝබර්) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී සහ ඕමානයේ දී පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ අනුමැතිය හිමිව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

මේ අනුව නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානකට හිමිව තිබෙන අතර උපනායකත්වය ධනංජය ද සිල්වාට හිමිව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචිතය මෙසේය..

ශ්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), ධනංජය ද සිල්වා (උප නායක), කුසල් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, අවිෂ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, වනිඳු හසරංග, කමිඳු මෙන්ඩිස්, චාමික කරුණාරත්න, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර, ප්‍රවීන් ජයවික්‍රම, ළහිරු මදුශංක, මහීෂ් තීක්ෂණ.

අතිරේක – ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, අකිල ධනංජය, පුලින තරංග.

Leave A Reply

Your email address will not be published.

fourteen + 8 =