“කාදිනල් තුමාලට සාධාරණ සැකයක් තියනවා. ඒ සඳහා සාධාරණයක් ඉල්ලා සිටිමේ කිසිදු වැරද්දක් නැහැ”

- පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි

වත්මන් ආණ්ඩුව මගින් පාස්කු ප්‍රහාරයේ වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබානොදෙන බවට නිගමනයකට සාධාරණ සැකයකට එළඹිලා තියෙනවා එසේ නම් ජාත්‍යන්තරය හරහා හෝ ඒ සඳහා සාධාරණයක් ඉල්ලා සිටිමේ කිසිදු වැරද්දක් නැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසති.

මෙම අදහස් පළ කිරීමට පවතී මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ .පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්

“පාස්කු ප්‍රහාරය කියන්නේ කතෝලික ජනතාවට පමණක් සිදුවූ දෙයක් නෙමෙයි ශිෂ්ඨාචාරවත් සමස්ථ සමාජයටම වැදුණු පහරක්. දැන් අලුත්ම තත්වය තමයි අදාළ යුක්තිය සාධාරණය වත්මන් රජයෙනුත් ලැබෙන්නේ නැත යන නිගමනයකට, සාධාරණ සැකයකට එළඹිලා තිබෙනවා. එතැනදී මැල්කම් රන්ජිත් කාදිනල් තුමන්ට පුර්ණ අයිතියක් තියනව මේ සම්බන්ධයෙන් නොකඩවා පෙනී සිටින්න. බෞද්ධයන්ගේ ප්‍රශ්ණවලදී බෞද්ධ නායකයින් පෙනීසිටියේ නැත කියන බව ඇත්ත තමයි. එහෙම කනගාටුදායක අතීතයක් අපට තියෙන්නෙ. නමුත් කතෝලික ප්‍රජාවගේ යහපත වෙනුවෙන් ඔවුන්ට සාධාරණත්වය ඉටුකර ගැනීම වෙනුවෙන් කාදිනල් තුකා ඉදිරිපත් වී ක්‍රියාකරන මේ විදිහ ප්‍රසස්තයි ප්‍රසංසනීයයි ඒක තමා නියම නායකත්වයේ ලක්ෂණ. එතුමන් ඇතුළු වගකිවයුත්තන්ට පෙනියනවා නම්, වත්මන් රජයේ ක්‍රියාකාරිත්වය මගින් සාධාරණත්වයක් ඉටුවන්නේ නෑ කියල, එතුමාට සහ ඒ අදාළ බලධාරීන්ට පුර්ණ අයිතියක් තියනවා ජාත්‍යන්තරයට හෝ ගිහිල්ල මේකට සාධාරණත්වය ඉල්ලන්න. ඒක රටක ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්න විසඳන්න තමා මේ පාලකයො ඉදිරියට ආවෙ. ඉතින් ඒ දේ කරන්න ඕනනෙ”.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීත්‍යානූකූල වැඩිපිළිවෙලක් කළ යුතුය. පසුගිය යහපාලන රජයේ වගකිවයුත්තන් ඒ වගකීම කළේ නැත. ඒ නායකයෝ තමන්ගේ වගකීම ඉටුකළේ තැනි නිසා තමයි ඒ වාගේ සිද්ධියක් වුණේ ඒ සිද්ධිය වුණාට පසු වැරදිකරුවන් සොයන්නට ගිය ආණ්ඩුව උනන්දු වුණේ නැහැ. මේ ප්‍රශ්නය විසදන්නත් එක්ක තමයි මේ පාලකයෝ ඉදිරියට ආවේ. මෙයින් විපතට පත්වුණු විදේශිකයින් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා ජාත්‍යන්තරයට යා යුතු ප්‍රශ්නයක් මේ ප්‍රශ්නය හැබැයි ඊට කලින් අපේ පාලකයෝ දුරදක්නා නුවණින් බුද්ධිය මෙහෙයවා කටයුතු කරන්න. අවංක භාවය මෙතන අංක එක. “

Leave A Reply

Your email address will not be published.

three + nine =