“කබ්රාල්ට මහ බැංකු අධිපති වෙන්න බෑ. එයා ගෙන්න ඉස්සර හුඟක් ප්‍රශ්න තියනවා පිළිතුරු දෙන්න”

- ඉරාන් වික්‍රමරත්න

සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පැවසුවේ ඉල්ලා අස්වෙන්න සුදානම් වන මහ බැංකු අධිපතිතුමාට ඕනෑම වෙලාවක ඉල්ලා අස්වීමට අයිතියක් ඇති බවත් නමුත් ඊට යලි පත්වීමට උත්සාහ කරන ඇමති අජිත් නිවාඩ් කබ්රාල්ට එක තනතුරේ යලි සිටීමට නොහැකි බවයි.

ඉරාන් වික්‍රමරත්න පවසන්නේ,

“මහා බැංකු අධිපතිතුමාට ඉල්ලා අස්වෙන්න නිදහස තියනව. නමුත් අපි මාධ්‍යයේ දැක්ක හිටපු අධිපතිව නැවත පත්කරන්න යනවා කියල . නමුත් එහෙම කරන්න බෑ. මොකද හැම රටේම මහ බැංකු අධිපති ස්වාදීන වෙන්න ඕනෙ. දේශපාලකයෙකුට, ඇමති කෙනෙකුට, මන්ත්‍රි කෙනෙකුට ඒ පුටුවෙ වාඩිවෙන්න බෑ. ඒක රෙගුලාසි වළ ලියල තියනවා. සමහරු හිතනවා අස්වුනොත් වාඩිවෙන්න පුළුවන් කියල .

නමුත් අස් උනත් වාඩි වෙන්න බෑ. කබ්රාල් ගේන්න ඉස්සෙල්ලා හුඟක් ප්‍රශ්න තියනවා එයාට පිළිතුරු දෙන්න. මම ගාව වෝහාරික වාර්තාවන් පහක් තියනවා. ඒවා යටගහල තියෙන්නෙ. අපේ රජය තිබුනානම් මම මේවා දෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට. මේවා කරලා තියෙන්නේ ලෝක ප්‍රසිද්ද විගණන සමාගම්. හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් එයාගේ කාලයේ පත්කරපු නෑදෑයන් ගැන තියෙන්නෙ. ළබැඳියා ගැටුම් කියල තමයි මේ වාර්තාවේ සඳහන් කරලා තියෙන්නෙ. අද වෙනකල් විමර්ශනයක් නෑ මේක ගැන.”

Leave A Reply

Your email address will not be published.

16 − eleven =