පළමු T20 තරගයේ ජය දකුණු අප්‍රිකාවට..ලකුණු 28 ක ජයක්

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර කොළඹ කෙත්ථාරාම ක්‍රීඩාංගනයේ පැවති පළමු T20I තරඟය ලකුණු 28කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

මෙම තරඟයේදී කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5ක් දැවී ලකුණු 163ක් ලබා ගත්තේය.

දකුණු අප්‍රිකානු වෙනුවෙන් එහිදී ඒඩන් මාක්‍රම් ලකුණු 48ක් රැස්කළ අතර රීසා හෙන්ද්‍රික්ස් ලකුණු 38ක් රැස් කිරීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දුවාර 20 තුළ කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 135ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් දිනෙෂ් චන්දිමාල් නොදැවී ලකුණු 66ක් රැස්කළ අතර චාමික කරුණාරත්න නොදැවී ලකුණු 22ක් රැස්කළේය.

මේ අනුව තරඟ තුනකින් සමන්විත T20I තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්විය.

Leave A Reply

Your email address will not be published.

19 + five =