“පසුගිය සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් මාගේ විශ්‍රාම යෑම ඉක්මන් කළා” – මහබැංකු අධිපති

තම 80වැනි උපන් දිනයේදී විශ්‍රාම යෑමට තීරණය කර තිබුනද පසුගිය සතියේ සහ සති කිහිපයේ ඇතිවූ සිත්රිදවීම් තමාගේ විශ්‍රාම යෑම ඉක්මන් කරමින් එලැඹෙන 14වනදා තමන් මහබැංකු අධිපති ධුරයෙන් ඉවත් වන බව මහාචාර්ය W.D. ලක්ෂ්මන් මහතා පවසයි.

ඒ අනුව, ඉදිරි 14වනදා තමන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇති බව අද (10) විශේෂ ප්‍රකාශයක් කරමින් W.D. ලක්ෂ්මන් මහතා සඳහන් කළේය.

මෙලෙස මහ බැංකු අධිපති තනතුර අත්හැරීමට සිදුවීම සැඟවී පැමිණි ආශිර්වාදයක් ලෙස තමාගේ මිතුරන් සහ හිතවතුන් සිතන බවද ඔහු පවසන අතර තමන් මෙතෙක් තම හෘදය සාක්ෂියට එපිටින් වැඩකටයුතු කර නොමැති බවද තමා වෙහෙස වී කටයුතු කළත් තමන්ගේ පාලනයෙන් බැහැරව ඇති බලවේගයන් නිසා අපේක්ෂා කළ ප්‍රතිඵල ලබාගැනීමට නොහැකිවූ බවත් ඔහු පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ ධුරය දරන්නැයි තමන්ට යෝජනාවක් ඉදිරිපත් වූ බවත් තමන් එය ප්‍රතික්ෂේප කළ බවත් මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂමන් මහතා පවසයි.

ධුරයෙන් ඉවත් වන්නැයි ආණ්ඩුව බලපෑම් කළේ දැයි විමසූ අවස්ථාවේ දී අධිපතිවරයා ඊට නිශ්චිත පිළිතුරක් නොදුන් අතර තමන් විවෘත වීමට සූදානම් යැයි සිතුණු කලෙක මෙම කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන බව ද වැඩිදුරටත් කීවේ ය.

 

Leave A Reply

Your email address will not be published.

five + 19 =