මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11000 ට ආසන්න වෙයි

මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 11000 ට ආසන්න වෙමින් ඊයේ (9) දිනයේ කොවිඩ් ආසාදිතවූ තවත් 131 දෙනකු මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.

මේ අනුව මෙරට මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,995 ක් දක්වා ඉහළ ගොස් තිබේ. මියගිය 131 දෙනාගෙන් 110 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 59 ත් 30 ත් අතර වයසේ පසුවන 20 දෙනෙක් සහ අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

Leave A Reply

Your email address will not be published.

5 × 3 =