ඇෆ්ගනිස්ථානයේ මහ බැංකුවේ නව අධ්‍යක්ෂ

The new director of the Central Bank of Afghanistan

ඇෆ්ගන් තලේබාන් සංවිධානය විසින් එරට මහ බැංකුව වන ඩා ඇෆ්ගනිස්ථාන් බැංකුවේ ( Da Afghanistan ) ප්‍රධානියා ලෙස හජ්ජි මොහොමඩ් ඉඩ්රෙස් පත් කර ඇති බව තලේබාන් ප්‍රකාශකයෙකු සඳුදා තහවුරු කළේය.
මොහොමඩ් ඉඩ්රෙස් ඔහු සිය පූර්වගාමියා මෙන් හාවර්ඩ්හි ඉගෙන නොගත්තේය. අවම වශයෙන් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම හෝ තලෙයිබාන් සංව්ධානය නොකියයි. අප මින් අදහස් කළේ රටක මහ බැංකුවක් පාලනය කිරීමට ආර්ථික විද්‍යාව හෝ ව්‍යාපාර පරිපාලනය ගැන ගෞරව උපාධියක් අවශ්‍යය බව කීම නොවේ. නමුදු රටක ආර්ථිකය හසුරුවන එවන් ස්ථානයක එකී විෂය ගැන න්‍යායාත්මකව හා භාවිතයෙන් ඊට සුදුසු පුද්ගලයෙක් පත්කළේ නම් ඔහුට හෝ ඇයට එකී විෂයෙහි ඇතිවන දුෂ්කරතාවලට මුහුන දීමට වඩා පහසුය.
ජනතාවගෙන් තුනෙන් එකක් කුසගින්න සමග පොර බදන රටක එසේ නොවන්නට නම් රට තුලට මුදල් ගලා ඒමේ ක්ෂණික හා පැහැදිලි වැඩපිලිවෙලක් තිබිය යුතුය. ලෝක බැංකුව සහ මුල්‍ය අරමුදල තවදුරටත් ඇෆ්ගනිස්ථානයට මුදල් දෙන්නේ නැත යුරෝපය තුර්කිය හැර සමස්ත යුරෝපයම තලෙයිබාන් පාලනයට උදවු නොකරති. එය දැන් මිසයිල තාක්ෂණය නැතත් යුරෝපය සහ එක්සත් ජනපදය දොර වැසූ උතුරු කොරියාව හා සමානය.
මොහොමඩ් ඉඩ්රෙස්ගේ මේ හදිසි පත්වීම සිදුවුයේ ඉරානය ඇෆ්ගනිස්ථානයට යවන ඉන්ධන අපනයනය නැවත ආරම්භ කිරීමත් සමඟය. 300% කින් ඉහළ යන අතවශ්‍ය ආහර ද්‍රව්‍යවල හිගය සහ පැවති දැඩි ආර්ථික ගැටලු,, රජයේ සේවකයින්ට වැටුප් නොගෙවීම, බොහෝ ව්‍යාපාර වසා දැමීම සහ ආහාර සහ ඉන්ධන ඇතුළු ප්‍රධාන ආහාර මිල ගණන් මත පීඩනය වැඩිවීමත් සමඟ ය.
ඉඩ්රිස්ට ව්‍යාපාරයෙන් පිටත කිසිදු පොදු පැතිකඩක් නොතිබුණද, විධිමත් මූල්‍ය පුහුණුවක් හෝ උසස් අධ්‍යාපනයක් නොතිබුණද, ඔහු තලෙයිබාන් ව්‍යාපාරයේ මූල්‍ය අංශයේ ප්‍රධානියා වූ අතර ඔහුගේ ප්‍රවීණතාවයට ගරු කළ බව ජ්‍යෙෂ්ඨ තලේබාන් නායකයෙක් පැවසීය.
තලෙයිබාන් සංවිධානයට අනුව නම්, “සැබෑ ධනය ලැබෙන්නේ භෞතික භාණ්ඩ බහුල වීමෙන් නොව, සන්සුන් මනසකිනි ‘‘ එබැවින් මහ බැංකුවේ අධිපති ලෙස ඉඩ්රිස් සමඟ ඇෆ්ගනිස්ථානයට පහසුවෙන් විවේක ගත හැකිය.
– උපාලි ජයසිංහ

 

Leave A Reply

Your email address will not be published.

seventeen − eleven =