“සීනි කිලෝවක් ගන්න වී කිලෝ 5ක් විකුණන්න වෙලා”

- නාමල් කරුණාරත්න

වෙළඳපොලේ පවතින මිලට අනුව ගොවි මහතෙකුට අද සීනි කිලෝවක් මිලදී ගැනීම සඳහා වී කිලෝ පහක් විකිණීමට සිදුව ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පවසයි.

මෙම තත්වය ඉබේ ඇති වූවක් නොව ආණ්ඩුව හිතාමතාම සිදු කරනු ලැබූ ක්‍රියාවලියක් බවත් මේ වනවිට ගොවීන් ගොවිතැනින් ඉවත් කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසයි. එසේම වී ගොවියාට යම් මිලක් වී අස්වැන්න සඳහා ලැබුණත් ආණ්ඩුව මැදිහත් වී මේ වනවිට එය පහත දමා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

“කෘෂිකර්මාන්තයේ අර්බුදය සහ ගොවිජන අරගලය” නමින් ඊයේ (08) දින අන්තර්ජාලය හරහා පවත්වනු ලැබූ On line ගොවිජන රැළියේදී අදහස් දක්වමින් නාමල් කරුණාරත්න මහතා මෙලෙස අදහස් පළකරනු ලැබීය. මෙම ගොවිජන රැලියේදී අම්පාර දිස්ත්‍රික් රජයේ ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති සී.එච්. කුමාර, නොච්චියාගම මිල්කෝ බලමණ්ඩලයේ සභාපති සුසන්ත ප්‍රනාන්දු, රුහුණ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය, එල්.එම්. අබේවික්‍රම යන අයද අදහස දැක්වීය.

Leave A Reply

Your email address will not be published.

11 − one =