කොවිඩ් ආසාදිතවූ 185 දෙනකු ඊයේ (7) මියගිහින්

කොවිඩ් ආසාදිතවූ 185 දෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (8) තහවුරු කළේය.

මෙම මරණ 185 ත් මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,689 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අයගෙන් 140 දෙනෙක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 24 ත් අතර වයසේ පුද්ගලයන් 44 දෙනෙක්, අවුරුදු 30 ට අඩු එක් අයෙක් ද ඒ අතර වෙති.

Leave A Reply

Your email address will not be published.

nine + 7 =