ඩඩ්ලි සිරිසේනගේ ගබඩා ඇතුළු මහපරිමාණ සහල් මෝල් වටලයි

ජනපතිවරයාගේ නියෝගයට අනුව සඟවා ඇති සහල් තොග සොයා යෑමේ මෙහෙයුමේ කොටසක් ලෙසට පොළොන්නරුවේ මහා පරිමාණ මෝල් හිමියන් කිහිපදෙනෙකුගේ තොග ගබඩා නිරීක්ෂණය කිරීමක් අද(08) දින සිදුව තිබේ.

පොළොන්නරුවේ වැටලීමේදී ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහ රත්න සහල් ගබඩාද අයත් වෙයි.

මෙම මෙහෙයුම සඳහා රාජ්‍ය නිලධාරීන් 50 පමණ වාහන 15කින් පමණ පැමිණ ඇති අතර සහල් තොග යම් ප්‍රමාණයක් සතොස වෙත ලබා ගැනීමට කටයුතු කරනු ලැබ ඇති බවද වාර්තාවේ.
මෙහිදී සහල් මෝල් 08ක තිබී සහල් මෙට්‍රික් ටොන් 1,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවද

එසේම රත්න සහල් මෝලේ සහල් තොග කිලෝග්‍රෑම් මිලියන 41ක් ඇති බවට ද අදාළ නිලධාරින් අනාවරණය කරගෙන ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.

මේ අතර අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිස ඩඩ්ලි සිරිසේනට අයත් අරලිය සහල් මෝල වෙත පැමිණෙන අවස්ථාවේ එය ඉදිරිපිට ඔහුට හිතවත් ගොවීන් පිරිසක් සහ මහසංඝරත්නය රැඳී සිටිමින් රජයේ මෙම ක්‍රියාකලාපය විවේචනයට ලක්කර තිබේ.

මේ අතර රජයට පවරා ගත් සහල් තොග සතොසට අයත් ලොරි රථවලින් රැගෙන යෑමට පියවරගෙන ඇත.

ඡායාරුප – කුසුමිත මුදිත් පෙරේරා facebook පිටුවෙන්

 

Leave A Reply

Your email address will not be published.

five × four =