කබ්රාල් ගියොත් එන්නේ, පවුලේ කෙනෙක්ද?

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයේ වැඩ භාර ගැනීම සඳහා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වුවහොත් ඒ සඳහා පත්වේ යැයි නම් කිහිපයක්ම මේ වන විට දේශපාලන ආරංචිමාර්ග වලින් පැවසේ.

මෙම හිස්වන මන්ත්‍රී ධූරය සඳහා ප්‍රධාන වශයෙන් ජනප්‍රිය නම් තුනක් කතාබහට ලක්වෙමින් තිබේ.

මේ අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීම සඳහා මන්ත්‍රී ධූරය ලබා දුන් ජයන්ත කැටගොඩ, බොදුබල සේනා සංවිධානයේ මහලේකම් හා අපේ ජනබල පක්ෂයේ සාමාජික පූජ්‍ය ගලගොඩ ඥාණසාර හිමියන්, මෙන්ම පාර්ලිමේන්තුවට පවුලේ සාමාජිකයින් වැඩි කරගැනීමේ අරමුණින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙස සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දෙටු පුත් යෝෂිත රාජපක්ෂගේ නමද සඳහන් වෙයි.

පාස්කු දින ප්‍රහාරයේ පරීක්‍ෂණ සම්බන්ධයෙන් කරනු ලබන විවේචනයන්ට ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු ප්‍රතිවිරෝධයක් එල්ලවන තත්වයක් තුළ පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්, ආණ්ඩුව දැඩිව විවේචනය කළ කාදිනල් හිමියන් හට දැඩි වාග් ප්‍රහාර එල්ල කිරීමද මෙම මන්ත්‍රී ධූරය ඥාණසාර හිමියන්ට ලැබේ යැයි කීමට සාධනීය සැකයකි.

යෝෂිත රාජපක්ෂ මේ වන විට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින අතර ඔහු අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙසඳ මුලින්ම පත්කරනු ලැබුවේ ඔහු දේශපාලනයට ගෙන ඒමේ මුල් පියවරක් ලෙසිනි.

Leave A Reply

Your email address will not be published.

4 + 10 =