වෛද්‍ය නිර්දේශ නොතකා රජයේ තීරණවලට විරෝධයපා කොවිඩ් මර්දන කමිටුවෙන් ඉවත් වේ

කොවිඩ් රෝග මර්දනය පිළිබඳ තාක්ෂණික කමිටුවෙන් විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න ඉවත් වූ බව ඩේලි මිරර් වාර්තා කරයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද එම කමිටුවෙන්ම අවසාන වශයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ආචාර්ය ගුණරත්න විශේෂඥ වෛද්‍යවරයාද ඉල්ලා අස්වීම සිදු වී තිබේ.

වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශ නොතකා රජය ගත් තීරණවලට විරෝධය පළ කරමින් වෛද්‍ය විජේවික්‍රම ඉල්ලා අස් වූ බවද වාර්තා වෙයි.

මහනුවරට ස්පුට්නික්-වී එන්නතේ එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 සිට 29 දක්වා වයස් කාණ්ඩ වල පුද්ගලයින්ට ෆයිසර් එන්නත් ලබා දීම වැනි තීරණ වෛද්‍ය විශේෂඥයින්ගේ නිර්දේශයන්ට පිටින් සහ කමිටුවේ අනුදැනුමකින් තොරව ගත් බවයි ඩේලි මිරර් මෙහිදී වාර්තා කරයි.

Leave A Reply

Your email address will not be published.

two × 5 =