විපක්ෂයේ පලා යාම සහ පාස්කු ප්‍රහාරයේ වාර්තාව

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කර මාස හයක් ගත වී ඇත. ඒ පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව ද එළිදක්වා ඇත. එය ඉදිරිපත් වන්නට දවසකට පෙර රවුෆ් හකීම් පිළිබඳ වීඩියෝවක් ද පිටවිණි. ඒත් එක්කම රාජපක්ෂ කඳවුරෙන් වාර්තාව පිළිගත නොහැකි බව ද ප්‍රකාශ කෙරිණි. එහෙම බැලූවාම මේ සිදුවීම් පෙළේ පැහැදිලි අන්තර් සම්බන්ධයක් ඇත. සැලසුම්සහගතව සියල්ල සිදු කර ඇති බව පැහැදිලිය. පාස්කු ඉරිදා ප්‍රහාරය දියත් කළේ සහරාන් ඇතුළු අන්තවාදී කණ්ඩායමය. සහරාන් පිළිබඳව මුලින්ම ආරක්ෂක අංශ දැනුවත් කළේ මුස්ලිම් ජනතාවය. එදා කාත්තන්කුඩි ප්‍රදේශයේ ජනතාව සහරාන්ට විරුද්ධව උද්ඝෝ්ෂණය කළේය. ඔහු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආණ්ඩුවට බල කළේය. සහරාන් ඇතුළු කණ්ඩායම ඔය තරම් ම දරුණු ප්‍රහාරයක් එල්ල කරන බව දැන නොසිටියත්, ඔවුන් අන්තවාදය පතුරුවන බව ඔය හැමෝම දැනසිටියහ. විශේෂයෙන් මුස්ලිම් දේශපාලනඥයෝ දැනසිටියහ. රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීහු දැනසිටියහ. ඒ වකවානුව තුළ ඔවුන් සකසා ඇති වාර්තාවලින් එය පැහැදිලිය. දේශපාලන නායකයෝ ඒ බව ප්‍රසිද්ධියේ පිළිගත්හ. තමන්ට ලැඛෙන මුස්ලිම් ඡන්ද ප්‍රමාණය අඩු වේවි යන භය නිසාම ඔවුහු එය සැඟවූහ. අනෙක් පැත්තට ඔය මුස්ලිම් දේශපාලකයන් මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අවංකව පෙනී සිටියේ ද නැත. හකීම්ලා, රිෂාඩ්ලා හැමෝම කළේ තම තමන්ගේ බලය පාවිච්චි කරමින්, ව්‍යාපාර පවත්වාගෙන යාමය. හකීම් හා රිෂාඩ් අතර ද තරගයක් පැවැතිණි. ඒ නිසාම දෙන්නා වෙන වෙනම ද මුස්ලිම් අය දිනාගැනීම සඳහා මෙහෙයුමක නිරත වූහ.

රාජ්‍ය බුද්ධි අංශ කොතරම් තොරතුරු ලබාගෙන ඉහළට වාර්තා කළ ද, ඒවායින් පලක් වූයේ නැත. ඒ ඔවුන්ගේ වරදක් නිසා නොවේය. ලබා දුන් තොරතුරු මත තීන්දු තීරණ නොගැනීමේ වැරැද්දය. ඒ වගකීම ඇත්තේ, ආරක්ෂක අංශ ප්‍රධානීන්ට සහ දේශපාලන නායකත්වයටය. ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපතිවරයාය. ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා රුවන් විෙජ්වර්ධනය. අගමැතිවරයා යනු ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානතම සාමාජිකයෙකි. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ හමුදාපතිවරුන් සියලූ දෙනාම ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන්ය. ඒ නිසා මේ කිසිවකුට මෙහි වගකීමෙන් ගැලවිය නොහැකිය. ඔවුන් හැම දෙනාම සිදු වූ සිද්ධියට වගකිව යුතුය. පොදුවේ ගතහොත්, ජනාධිපතිවරයා ඇතුළු සමස්ත ආණ්ඩුවම වගකිව යුතුය. ඒ පිළිබඳව කිසිදු විවාදයක් නැත. අවසාන වශයෙන් ගතහොත්, ජනතාවගේ ආරක්ෂාව සහතික කිරීමේ මූලික වගකීම ඇත්තේ, ආණ්ඩුවටය. ආණ්ඩුව එය මඟහැරීම පිළිබඳ වාක්‍යයක් වාර්තාවේ සඳහන් නොවේ. එය විවිධ පුද්ගලයන් කිහිප දෙනකුට පමණක් පවරා ඇත. නිවැරදිවම වාර්තාවක් නම්, හරි පැහැදිලිව එක් ප්‍රධාන වාක්‍යයකින් ‘මෙම බරපතළ ප්‍රහාරය වළක්වා නොගැනීම පිළිබඳව පවත්නා ආණ්ඩුව ප්‍රධාන වශයෙන් වගකිව යුත්තේය.’ වැන්නක් සඳහන් නොකිරීම වාර්තාවේ පවතින බරපතළ අඩුපාඩුවකි.

එය එසේ වුව ද, එතරම් ප්‍රමාණයකින් හෝ වගකිව යුත්තන්ට වගකීම් පැවරීම කිසිවක්ම නොවී තිඛෙනවාට වඩා හොඳය. එය එසේ වූයේ, කමිටුවේ සංයුතිය නිසාය. විපක්ෂය නියෝජනය කරමින්, එහි සිටියේ එක් මන්තී්‍රවරයකු පමණය. ඒ වෛද්‍ය නලින්ද ජයතිස්ස මන්තී්‍රවරයාය. සුමන්දිරන් සිටිය ද, ඔහුගෙන් එවැන්නක් බලාපොරොත්තු විය නොහැකිය. මුලින්ම මෙම කමිටුවට රාජපක්ෂ කණ්ඩායමෙන් ද නියෝජිතයන් පත් කර තිබිණි. ඔවුන් ද මෙයට සහභාගී වූයේ නම්, වාර්තාවට ඉහත කී වාක්‍යය ඇතුළු කර ගන්නට තිබිණි. ඔවුන් ඉන් මඟහැරීම බරපතළ වරදකි. ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ යුතුකම හා වගකීම ඔවුන් ඉටු කළ යුතු විය. එහෙත්, ඔවුන් කළේ කට්ටිවාදී ලෙස ප්‍රශ්නයෙන් පලා යාමය. දැන් වාර්තාව ගැන එක එක අභූත කතා කීමෙන් ප්‍රයෝජනයක් නැත. කළ යුතුව තිබුණේ. කමිටුවට සම්බන්ධ වෙලා සිදු වී ඇති දේ නිවැරදිව විමර්ශනය කිරීමය. වගකිව යුතු විපක්ෂයක් නම්, ඔවුන්ගේ භාවිතාව විය යුත්තේ, එයයි. ඔවුන් එදා මේ කමිටුවට යන්න බැහැ කිව්වේ, හකීම් එහි සාමාජිකයකු වූ නිසා නොවේය. රිෂාඩ්ට එරෙහිව වූ චෝදනා කමිටුවෙන් පරීක්ෂා කරන්නේ යැයි කියපු එකට විරුද්ධවය. එලෙස ප්‍රකාශ කළේ අගමැතිවරයා ය. ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාය. එකී ප්‍රකාශ කිසිසේත්ම කමිටුවේ නිල ප්‍රකාශයන් නොවන්නේය. එවැනි උත්සාහයක් තිබුණේ නම්, එය පරාද කළ හැක්කේ ද කමිටුවට සහභාගී වීමෙන්ය. අවසානයේ ගත් විට රිෂාඩ්ට එරෙහි විශ්වාස භංග යෝජනාව නිකම්ම මඟහැරුණේය. ඒ ඔහු ඉල්ලා අස්වීම හේතුවෙන්ය. ඊට පසුව හෝ රාජපක්ෂලාට කමිටුවට සහභාගී විය හැකිව තිබිණි. එහෙත්, ඔවුහු එසේ නොකළහ.

ඇත්තටම තේරීම් කාරක සභා කි්‍රයාවලියෙන් රටේ ජනතාවට බොහෝ කරුණු දැනගත හැකි විය. කවුරු කවුරුත් පැහැර හැරියේය යන්න මුළු රටටම හෙළිදරව් විය. ඥානයක් ඇති ඕනෑම අයකුට එය තේරුම් යන්නේය. මෙවැන්නක් නොවුණේ නම්, අදටත් රටේ ජනතාව සිද්ධ වෙච්ච බොහෝ දේවල් දන්නේ නැත. කවුරු මොන මොන කතා කීවත්, තේරීම් කාරක සභාවේ කාර්යභාරය වටිනා එකක්ය. ජනතාව ඉදිරියේ උත්තර දී ගත නොහැකිව වගකීම් විරහිතව වැඩ කළ නිසා රාජපක්ෂ කණ්ඩායම අද හකීම්ව අල්ලාගෙන දඟලන්නේය. හකීම් කමිටුවේ සාමාජිකයකු වී යටපත් කරන්න උත්සාහ දැරුවේ කුමක් ද? ඔහු විසින් වැළැක්වූයේ කුමක් ද? එහෙම කිසිවක් කියා ගන්නට නැත. සියල්ල විමර්ශනය වූයේ මාධ්‍ය ඉදිරිපිටදීය. එනම්, පොදු ජනතාව ඉදිරියේය. ඒ නිසා රාජපක්ෂලා කියන ඒ කතාව කිසිදු පදනමක් නැති විහිළුකාරී එකක් පමණක්ය.

අද රට ඉස්සරහා ලැජ්ජා විය යුත්තේ, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව මැදිහත් නොවීම නිසාය. විපක්ෂයක් විදියට ඒ වගකීම පැහැර හැරීම පිළිබඳවය. ඒ සැබෑ වගකීම පැහැර හැර, අද ඔවුන් කරන්නේ සුපුරුදු පරිදි ජාතිවාදය නැවත ඇවිස්සීමය. හිස්බුල්ලා, සහරාන් එක්ක එකට කටයුතු කරපු බව මුළුමනින්ම වසන් කරන්නේය. ඩලස් අලහප්පෙරුම හිස්බුල්ලලාට ඕනෑ විදියට පදනම් හදාගෙන විශ්වවිද්‍යාල හදන්න උදවු කරපු එක වසං කරන්නේය. වර්ධරාජා පෙරුමාල් වැනි වෙනම ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ උග්‍රතම ඛෙදුම්වාදියා එකතු කර ගැනීම වසං කරන්නේය. වර්ධරාජා පෙරුමාල්ලා, කරුණා අම්මාන්ලා, පිල්ලෙයාන්ලා, හිස්බුල්ලලා සියලූ දෙනාම අද ඉන්නේ රාජපක්ෂ කඳවුරේ ය. ඒ සියල්ල කිසිදු හිරිකිතයකින් තොරව සිදු කරන මේ අය හකීම් ඉස්පිරිතාලෙකට ගොස් සහරාන්ගේ මල්ලිව හමු වුණු එක ලොකුවට කතා කරන්නේය. හකීම්ලා කරපු දේ වැරදිය. එහෙත්, එවැන්නක් කළ එකම කෙනා ඔහු නොවේය. හිස්බුල්ලා ද එසේමය. ඒ වගේම සහරාන් එක්ක එකට වැඩ කර ඇත්තේ ද මඩකළපුවේ රාජපක්ෂලාගේ සංවිධායකවරයාය. ඔහුත් සහරාන් එක්ක එකට හිටපු පින්තූර ඇත්තේය. මෙවැනි හමු වීම් පිළිබඳ පින්තූරවලින් සමස්තයම තේරුම් ගන්න යාම වැරැද්දකි. සොයාබැලිය යුත්තේ, කොහේ දී හරි මේ හමු වීම් පිළිබඳ නොවේය. ඔවුන් හා එක්ව යමක් සිදු කළා ද යන්නය. එබැවින්, හකීම් සහරාන්ගේ මල්ලිව ප්‍රසිද්ධ තැනක දී හමු වුණා යන්න මත පාස්කු ප්‍රහාරය පිළිබඳ කෙරුණු පරීක්ෂණය සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කිරීම පදනම් විරහිතය. කිසිදු තර්කානුකූල පදනමක් නැති දෙයකි. එතැන හුදෙක් ම ඇත්තේ පටු දේශපාලනමය අවස්ථාවාදයකි.

රාජපක්ෂලා දිගින් දිගටම කරගෙන ආවේ ජාතිවාදය ඇවිස්සීමය. පාස්කු ප්‍රහාරය ඔවුන්ට තවත් හයියක් වුණේය. ඒ ප්‍රහාරයත් එක්කම ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීම වැඩි කළේය. වෙස්වළා ගත් ආශීර්වාදයක් කර ගත් පාස්කු ප්‍රහාරය ගෝඨාභය රාජපක්ෂ වැන්නෙක් ජනාධිපති අපේක්ෂකයා කිරීමට තරම්ම අවස්ථාවාදී විය. රාජපක්ෂ කඳවුරේ අපේක්ෂකයා සඳහා මතගැටීමක් තිබිණි. පාස්කු ප්‍රහාරයෙන් මතගැටුම අවසන් විණි. ගෝඨාභය වෙනුවෙන් පෙනී සිටියවුන්ට ස්වීප් එකක් ඇදුණේය. වෙන කාටවත් එයට එරෙහි වන්නට ඉඩක් නොවිණි. එදා සිට මේ දක්වා දිගින් දිගටම ඔවුන් තොරොම්බල් කරන්නේ, මෙම ප්‍රහාරයයි. ජාතික ආරක්ෂාව යන්න ප්‍රධාන මාතෘකාව කරගෙන ඇත්තේ ද එහි උපරිම වාසිය ගැනීමටය. මළ මිනී මතින් කෙසේ හෝ බලයට ඒම ඔවුනගේ පටු අරමුණය. එහෙත්, බුද්ධිමත් ජනතාව මෙය හොඳින් තේරුම් ගනිති. ඔවුන් කිසි දාක ජාතිවාදයට කැමති වන්නේ නැත. පටු අවස්ථාවාදයට කැමැති වන්නේ ද නැත.

තර්කානුකූලව බලන විට පාස්කු ප්‍රහාරය මෙහෙයැවූයේ, කවුරුන් ද යන්නත් බරපතළ සැකයකට භාජනය වන්නකි. රාජපක්ෂලා දිගින් දිගටම කීවේ මෙය පිටුපස බටහිර මැදිහත් වීමක් තිඛෙන බවය. බටහිර මැදිහත් වීමක් යනු කවුරුත් දන්නා පරිදි ඇමෙරිකා එක්සත් ජනපදයයි. ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම ද කිසිදු බාධාවකින් තොරව සිදුව ඇත. අද වන තෙක් ශී්‍ර ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය ඒ පිළිබඳව කිසිවක් කියා නැත. තානාපතිවරිය මේ දිනවල ඇමෙරිකාවට ගොස් ඇත. මේ සිදුවීම් ටික සිදු වූ මොහොතේ සිටම විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම එක් වරම ඇමෙරිකාවට බනින්න පටන් ගත්තේ ය. ඇමෙරිකාව පිළිබඳව ඒ දවස්වල ඇති කරපු විරෝධය මේ දවස්වල පෙනෙන්නට නැත. ගෝඨාභය පිළිබඳ ඇමෙරිකානු උසාවියේ නඩුව ද නිෂ්ප්‍රභ විය. සිදුවීම් සියල්ල හරියට බැලූවොත් වැඩේ හරි පැහැදිලිය. මේ පිටුපස සූක්ෂ්ම කුමන්ත්‍රණයක් කි්‍රයාත්මක වී ඇත. කිසිවකුට හිතා ගත නොහැකි විදියට සියල්ල සිදු කර ඇති බව පැහැදිලිය.

ලෝකය පුරාම ඇමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත් වීම් බැලුබැල්මට සිතා ගත නොහැකිය. රාජපක්ෂ පවුලේ කිසිවකු ඇමෙරිකාව විවේචනය කරන්නේ නැත. එයාලා වැඩේ භාර දීලා ඇත්තේ, හැම දාමත් ඒ වෙනුවෙන් කඩේ යන වලව්වේ වළං හෝදන්නන්ටය. කිසිවක් නොතේරෙන ඔවුන් කරන්නේ, ඔහේ රෙදි ඇපිල්ලීම පමණක්ය. මැදපෙරදිග කලාපය පුරාවට පැවැතුණු රාජ්‍යයන් බිඳවැට්ටුවේ ද මේ ආකාරයෙන්මය. එකී රටවල අභ්‍යන්තරයෙන් ම අන්තවාදී සංවිධාන ගොඩනැඟීමෙන්ය. බින් ලාඩන්ලා, තලේබාන්ලා, අයි.එස්.අයි.එස්.වරුන් වැනි සියල්ල හැදුවේ ඔවුන්ය. අවසානයේ රාජ්‍යය දුර්වල කොට දේශපාලන වාසි ලබා ගත්තෙත් ඔවුන්ය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ පරීක්ෂණවලින් මේ තරම් ගැඹුරු කුමන්ත්‍රණයක් සොයා ගත නොහැකිය. එවැන්නක් සොයාගත හැකි වන්නේ තව කාලයක් ගත වූ පසුවය. එදා ගෝඨාභය රාජපක්ෂ ඇමෙරිකානු තානාපති රොබර්ට් ඕ බ්ලේක් සමඟ ‘ඇක්සා’ ගිවිසුම අත්සන් කිරීම ද අහම්බයක් නොවේය. ඉදිරියේ දී අත්සන් කිරීමට නියමිත ගිවිසුම් මොනවා ද යන්න තවමත් කිසිවකු නොදන්නෙහිය. පසුගිය දවස්වල ඇමෙරිකානු පුවත් පතක ඇමෙරිකානුවකු ශ්‍රී ලංකාවේ ජනාධිපති අපේක්ෂකයකු වී ඇති බව ප්‍රධාන ප්‍රවෘත්තියක් ලෙස පළ කර තිබුණේය. එහෙම බලන කොට කාදිනල්තුමා කියපු දේ හරියටම හරිය. කාදිනල්තුමා දිගින් දිගටම කීවේ මෙය පිටුපස බටහිර මැදිහත් වීමක් ඇති බවය. පැහැදිලිවම මෙතැන බටහිර කුමන්ත්‍රණකාරී මැදිහත් වීමක් ඇත. එයට තෝරාගෙන ඇති ඉත්තා, කිසිවකුට එක්වර ම හිතා ගන්නටවත් බැරි ඉත්තෙක්ය. එහෙත්, අවසානයේ ඔවුන්ට ඕනෑ දේ සිදු කෙරෙමින් පවතින බව නම්, පැහැදිලිය.

අන්තිමට බලද්දී, ඇමෙරිකාව රනිල් වික්‍රමසිංහගේ ඇස් දෙකෙන් ම රිංගලා ඇත. කනෙන් රිංගීම පුරුදු දේය. එහෙත්, ඇස් දෙකෙන් රිංගීම හිතා ගත නොහැකිය. මතුපිටින් පෙනෙන දේ සත්‍යය නොවන්නේය. පෙනුමට වඩා හරය වෙනස්ය. අප එය තේරුම් ගත යුතුය. හැමදාමත් අපේ රටේ දේශපාලනය මෙහෙයැවූයේ එක්කෝ ඇමෙරිකාව ඇතූළු බටහිර බලවේගයන්ය. එසේ නොමැති නම්, අසල්වැසි ඉන්දියාවය. ෙජ්. ආර්, ජයවර්්ධනලා ඉන්දු – ලංකා ගිවිසුමට තල්ලූ කළේ ද එලෙසින්මය. ඒ හැම අවස්ථාවකම ඔවුන් වැඩියෙන්ම පාවිච්චි කරන්නේ ලංකාවේ ජාතික ප්‍රශ්නයයි. එදා දෙමළ ඛෙදුම්වාදය ඔවුන් පාවිච්චි කර ගත්තේය. අද ඉස්ලාම් අන්තවාදය පාවිච්චි කර ගන්නේය. හැටේ දශකයට පෙර වැඩිපුරම ලෝකය පුරා පාවිච්චි කර ගත්තේ ඛෙදුම්වාදයයි. මෑත කාලයේ ලොව පුරා ඔවුන් පාවිච්චි කර ගන්නේ ඉස්ලාම් අන්තවාදයයි.

පසුගිය පහළොස් වැනිදා නැවත බෝම්බ ප්‍රහාරයක් සිදු වන බවට කටකතාවක් ද ප්‍රචාරය කෙරිණි. ඉන් පසුව පහළොව සහ විසිපහ දින දහය ඇතුළත එවැන්නක් සිදු වන බවට කටකතාවක් පැතිරිණි. මේවා නිකම්ම ඇති වෙන ඒවා නොවේය. සංවිධානාත්මකව කරවන ලද ඒවාය. බොහෝ විට ජනපතිවරණයට පෙර කුමන හෝ බරපතළ සිදුවීමක් වීමේ හැකියාවක් ද ඇත. එවැනි සිදුවීමක් ඇති කොට ඉන් උපරිම දේශපාලන වාසියක් ගැනීම ඔය වැනි අවස්ථාවාදීන්ගේ ජානමය ගතිය බැවින්, ඒ පිළිබඳව ද පූර්ණ අවබෝධයක සිටීම වැදගත්ය. ඒ වගේම ඇත්ත කුමන්ත්‍රණකාරීන් හඳුනා ගැනීම ඊටත් වඩා වැදගත්ය. සැබෑ කුමන්ත්‍රණකරුවන් හෙළිදරව් කොට පරාජය කිරීම ද කළ යුතුය. තේරීම් කාරක සභාවේ වාර්තාව එළිදැක්වීමට දවසකට පෙර හකීම් ගැන වීඩියෝවක් එළියට ඒමත්, ගෝඨාභය අපේක්ෂකයා ලෙස නම් කිරීමට පෙර පාස්කු ප්‍රහාරය එල්ල කිරීමත් යන මේවා එකිනෙකට සම්බන්ධ බව තේරුම් ගත යුතුය. දේශපාලන බංකොළොත්කම් පෙරළා පාවචිච් වන්නේ කුමන්ත්‍රණවලටය. 2005දී එල්ටීටීඊ එකට සල්ලි දී, උතුරු නෙඟනහිර ඡන්ද වර්ජනය කර ගනීවි යැයි කවුරුවත් සිතුවේ නැති දෙයකි. එලෙසින්ම මෙවැනි දේ සිදු කරවීම හරහා ලබා ගන්නට උත්සාහ දරන දේශපාලන වාසි ද එලෙසමය. එසේ නම්, කළ යුත්තේ, එය හෙළිදරව් කිරීම සහ පරාජය කිරීමය.

Leave A Reply

Your email address will not be published.

3 × two =