ශ්‍රි ලංකා කණ්ඩායම වසර 8 කට පසු තරඟාවලි ජයක්

ශ්‍රි ලංකා කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර අද (07) පැවති අවසාන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමමීට සුළු වෙලාවකට ප්‍රථම සමත් විය.

ඒ අනුව කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගනයේදී පැවති මෙම තරඟාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ශ්‍රී ලංකාව වසර අටකට පසු ලැබූ අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව  තරඟාවලි ජයග්‍රහණය මෙය වෙයි.

තරඟයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9ක් දැවී ලකුණු 203ක් ලබා ගත් අතර චරිත් අසලංක ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 31ක් රැස්කළේය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කේෂව් මහරාජ් කඩුලු 3ක් දවාගත් අතර ජෝර්ජ් ලින්ඩේ සහ ටබ්රායිස් ෂම්සි කඩුලු 2 බැගින් දවාගත්තේය.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 30ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ, ලකුණු 125ක් පමණි.

ශ්‍රි ලංකා කණ්ඩායම වෙනුවෙන් තම පළමු එක්දින තරඟයට ක්‍රීඩාකළ මහේෂ් තීක්ෂණ කඩුලු 4ක් දවාගත් අතර දුෂ්මන්ත චමීර සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් දවා ගත්තේය.

මෙහිදී මහේෂ් තීක්ෂණගේ පන්දු යැවීම මංගල එක්දින ජාත්‍යන්තර තරඟයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙස වාර්තා වෙයි.

 

Leave A Reply

Your email address will not be published.

two × four =