පුත්තලම එකම පවුලේ මව, පියා, දියණිය දින දෙකකදී නිවසේදීම මියයයි

පුත්තලම වෙප්පමඩුව ප්‍රදේශයේ 51 හැවිරිදි මවක් හා 37 හැවිරිදි ඇගේ දියණිය ඊයේ (06) කොවිඩ් වෛරසය ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්වී ඇති අතර එම පවුලේ පියාද ඊට දින දෙකකට පෙර නිවසේදිම මියගොස් තිබේ.

එම මිය ගිය පියාගේ මෘත දේහය රහසේම වෙප්පමඩුව සුසාන භූමියේ භූමදානය කර ඇති බවට පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් පොලීසියට පැමිණිල්ලක් කර ඇති අතර ඒ අනුව පුත්තලම මුලස්ථාන පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

එම පියාගේ සිරුර භුමදානය කිරීමට අවසර ලබාදුන් බව සැලකෙන ග්‍රාම නිලධාරිවරයගෙන් ප්‍රකාශ සටහන්කර ගෙන තිබෙන බවද වාර්තා වේ.

දේහය සම්බන්ධව අධිකරණයෙන් ලබා දෙන නියෝගයෙන් පසුව එම පියාගේ දේහය නැවත ගොඩ ගෙන පශ්චාත් මරණය පරික්ෂණයක් සදහා යොමු කිරීමට කටයුතු කරන බව පුත්තලම සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

Leave A Reply

Your email address will not be published.

three × 3 =