වයස 59 අඩු පුද්ගලයන් 50 දෙනෙකු ඊයේ(06) මියගිහින්

කොවිඩ් ආසාදිතවූ තවත් 184 දෙනකු මෙරටින් ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.

මෙම මරණ 184 ත් සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 10,504ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය 184 දෙනා ගෙන් 134 දෙනෙක් වයස අවුරුදු 60ට වැඩි අය වන අතර අවුරුදු 59 ත් 30 ත් අතර වයසේ පසුවන 46 දෙනෙක් සහ අවුරුදු 30ට අඩු 4 දෙනෙක් ද ඒ අතර වෙති.

Leave A Reply

Your email address will not be published.

ten − nine =