ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීති රෙගුලාසි අද (06) පාර්ලිමේන්තුවේදී සම්මත විය.
කතානායකවරයා සඳහන් කළේ හදිසි නීති විවාදයට පක්ෂව ඡන්ද 132 කුත් විපක්ෂව ඡන්ද 51කුත් ලැබුණු බවයි.
ඒ අනුව අත්‍යවශ්‍ය ආහාර සැපයීම සඳහා වන හදිසි නීති රෙගුලාසි පිළිබඳ ඡන්ද විමසීමේදී යෝජනාව වැඩි ඡන්ද 81කින් සම්මත විය.
සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
මෙම රෙගුලාසි පිළිබඳ විවාදය අද (6) උදේ 10.30ට ආරම්භ විය. විවාදයේදී ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.