ඊයේ (05) මරණ 180ක්, වයස 59 ට අඩු මරණ 47 ක්

අද (06) නිකුත් කළ කොවිඩ් – 19 මරණ පිළිබඳ වාර්තාව අනුව මෙරටදී ඊයේ (05) මරණ 180ක් සිදුව තිබේ.

ඒ අනුව මෙරටින් නිල ලෙස නිවේදනය කර ඇති මියගිය කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ ගණන 10,320ක් දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය 180 දෙනාගෙන් 133 දෙනෙකු වයස අවුරුදු 60ට වැඩි අය වන අතර 40 දෙනෙකු වයස අවුරුදු 30ත් 59ත් අතර පසුවන්නන් වන අතර ඉතිරි 07 දෙනා වයස අවුරු 30 අඩු අයද වෙති.

ශ්‍රී ලංකාව මේ වනවිට ලෝකයේ වැඩිම ආසාදිතයින් වාර්තාවන රටවල් අතර 57 වන ස්ථානයේ පසුවේ. එමෙන්ම වැඩිම දෛනික මරණ වාර්තාවන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට පසුවන්නේ 09වන ස්ථානයේය.

Leave A Reply

Your email address will not be published.

eleven + 12 =