රිෂාඩ් බදියුදීන් 17 දා තෙක් රිමාන්ඩ්, මස්සිනාට ඇප

මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල සහිතව දැරිය මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සහ ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනකු ලබන 17 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද (06) නියෝග කළේය.

අද පැවති එම නඩුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ඇමති රිෂාඩ් බදුයුදීන් මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනා බන්ධනාගාරය මගින් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර අවස්ථාවේදී කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් වරයා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

මේ අතර සිද්ධියට අදාළ පළවෙනි සැකකරු වන අදාළ මෙම දැරිය මෙම නිවසට ගෙනැවිත් භාරදුන් තැරැව්කරු සහ 4 වැනි සැකකරු වන බදියුදීන් මන්ත්‍රීවරයාගේ මස්සිනා ඇප මත මුදා හැරීමට ද අද දින අධිකරණය තීරණය කළේය .

Leave A Reply

Your email address will not be published.

four × one =