දෙවැනි එක්දින තරඟයේ ජය දකුණු අප්‍රිකානු පිලට

දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර පැවති අද (04) පැවති දෙවැනි එක්දින ජාත්‍යන්තර තරඟය ලකුණු 67 කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 47 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 283ක් ලබා ගත් අතර
ජැනමන් මාලන් ලකුණු 121ක් රැස්කළ අතර රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 51ක් රැස්කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රි ලංකා කණ්ඩායමට වර්ෂාවෙන් බාදා ඇතිවූ අතර ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව තරඟය ජය ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායමට පන්දු ඕවර 41ක් තුළ ලකුණු 265ක් ලබා ගත යුතු විය.

මෙහිදී සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩාමට රැස්කළ හැකි වුයේ ලකුණු 197ක් පමණි. මෙහිදී චරිත් අසලංක ලකුණු 77ක් රැස්කළේය.

පන්දු යැවීමේදී ටබ්රායිස් ෂම්සි කඩුලු 5ක් දවාගැනීමට සමත් විය.

Leave A Reply

Your email address will not be published.

one × 2 =