ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ කොරෝනාවෙන් මියයයි

දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ අද දිනයේ කොවිඩ් ආසාදනය වී මියගොස් තිබේ.

දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නිල ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන් මැණිකා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට පේරාදෙණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත. ඇය දරුවන් 9 දෙනෙකුගේ මවකි.

පසුගිය දා දඹාන ආදිවාසි ගම්මාන ආශ්‍රීත ප්‍රදේශයේ සිදුකල රැපිඩ් ඇන්ටිජෙන් පරීක්ෂණ 115කින් කොරෝනා රෝගින් 44 ක් හමුවී ඇති අතර දඹාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ බිරිඳ ඇතුළු පවුලේ කිහිප දෙනෙකුටද කොරෝනා අසාදනය වී තිබිණි.

ආදිවාසි නායකයාගේ කොරෝනා ආසාදිත බිරිඳ රෝගී තත්වය උත්සන්න වීම නිසා මහියංගන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුලත් කර තිබු අතර පසුව පේරාදෙණිය රෝහලේ යවා තිබෙන බවද වාර්තා වේ.

මෙහි ඡායාරුප ශිල්පියාට ස්තුතිය

Leave A Reply

Your email address will not be published.

1 × 2 =