එන්නත් ගන්න ආ ජනතාවට බැටන් ප්‍රහාර !

මාතර, වැලිගම, ගල්බොක්ක ප්‍රදේශයේ පසුගිය 01දා පැවැති කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහනට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටි අතර, එම ජනතාව විසුරුවා හැරීම සඳහා පොලිසිය බැටන් පොලුවලින් ඔවුන්ට පහර දීම බරපතළ ආන්දෝලනයට තුඩු දී තිබේ.

අදාළ ස්ථානයට ලැබී තිබූ එන්නත් මාත්‍රා ප්‍රමාණය අවසන් වී තිබීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ඇති වී තිබේ. එන්නත් අවසන් වීම නිසා ජනතාවට එම ස්ථානයෙන් ඉවත් වන ලෙස උපදෙස් දී ඇතත්, එසේ නම් තමන්ව කැඳවූයේ ඇයි දැයි ප්‍රශ්න කරමින් ජනතාව එහි රැඳී සිට ඇත. ජනතාව එහි රැඳී සිටීම හේතුවෙන් එම ස්ථානයට පැමිණි වැලිගම පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් ගම්වාසීන් එම ස්ථානයෙන් ඉවත් කර තිබුණේ බැටන් පහර ලබාදෙමින් ය.

මේ අතර පසුගිය 02දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 20 – 30 අතර කාණ්ඩයේ අය සඳහා ‘ෆයිසර්’ එන්නතේ පළමු මාත්‍රාව ලබා දීමේ වැඩසටහන ද අවලංගු කිරීමට සංවිධායකයන් පියවර ගත් නිසා එන්නත ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවට පත්ව තිබිණි.

වත්සලා මාරුතී
Leave A Reply

Your email address will not be published.

nineteen − fourteen =