දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමාට ඉදිරි තරඟ අහිමියි

ඊයේ ආරම්භ වූ ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා තරඟාවලියේ ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව දකුණු අප්‍රිකානු ක්‍රිකට් නායක ටෙම්බා බවුමාට අහිමි වී තිබේ .

එයට හේතු වුවේ ඊයේ(02) කොළඹ ආර්. ප්‍රේමදාස (කෙත්තාරාම) ක්‍රීඩාංගනයේදී ආරම්භාව් වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ ටෙම්බා බවුමා පන්දුවට පහර දෙමින් සිටියදී ඇඟිල්ලක අස්ථී බිඳී යෑමක් හේතුවෙනි .

මේ අනුව, ඉදිරි එක්දින තරග දෙකේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම කේෂව් මහරාජ්ට පැවරී තිබේ.

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය හෙට(04) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.

 

Leave A Reply

Your email address will not be published.

two × two =