ඕක්ලන්ඩ්හී ප්‍රහාරය ජසින්ඩා ආඩර්න් අගමැතිතුමිය හෙළා දකී

නවසීලන්ත පොලිසිය විසින් අද (03) සිකුරාදා “දරුණු අන්තවාදියෙකුව” තප්පර හැටක් ගතවීමට මත්තෙන් වෙඩි තබා ඝාතනය කර ඇත. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවු: 32ක ශ්‍රී ලාංකිකයෙකු බවද වාර්තාවේ.

මෙම පුද්ගලයා විසින් බටහිර ඕක්ලන්ඩ්හී නිව් ලින් සුපිරි වෙළඳසැල (the New Lynn supermarket)ට ඇතුලුවී පුද්ගලයින් හය දෙනෙකුට උල් ආයුධයකින් ඇණ දරුණු තුවාල සිදුකර ඇත. ප්‍රහාරයට ලක්වූ එක් අයෙක් මෙයවනවිටද දැඩි අසාධ්‍ය තත්වයේ පසුවෙන බවද නවසීලන්ත අගමැතිතුමිය වන ජසින්ඩා ආඩර්න් (Jacinda Ardern) මාධ්‍යයට පවසා ඇත.

වසර 10 ක් නවසීලන්තයේ පදිංචි අයෙකුබව කියන මෙම අපරාධකරුවා ස්වයං ප්රකාශිත ඉස්ලාමීය රාජ්ය සටන්කාමී කණ්ඩායමේ ( The self-proclaimed Islamic State militant group) ආභාෂය ලැබූ අයෙකු වන බව හා ඔහුව නිරන්තරයෙන්ම නවසීලන්ත පොලිසිය අධීක්ෂණය කරමින් සිටි අයෙකු බවත් නවසීලන්ත අගමැතිතුමිය අද සවස පැවසීය.

එතුමිය තවදුරටත් කරුණු දක්වමින් “එය වෛරී සහගත අපරාධයක් බවත්, එය අත්තනෝමතික බවත්, තවද එය සිදු කළේ ඇදහිල්ලක් අනුව නොවන පුද්ගලයෙකු විසින් බවත්” යැයිද “මෙම ක්‍රියාවන්හි වගකීම ඔහු පමණක්ම දරන්නේ යැයිද.” ආඩර්න් අගමැතිවරිය පැවසීය.

ප්‍රහාරකයා පහර දීමෙන් තත්පර කිහිපයකට පසු සුපිරි වෙළඳසැලේ සාප්පු සවාරි යන අය සමාජ මාධ්‍යවලට මුදාහල වීඩියෝ පටකීපයකට අනුව සිද්දිය ඇසින් දුටුවන් අපරාධකරුවා පිලිබද‍ පවසා ඇත්තේ මෙසේය.
“මෙන්න පිහියක් අතැතිව පුද්ගලයෙක් එනවා …”
“ඔහු වියරුයි… පිහියක් තියෙනවා”
“කාටද පිහියෙන් ඇනලා.”

තුවාල ලැබූ හය දෙනාගෙන් තිදෙනෙකුගේ තත්ත්වය ඉතා බරපතල බවත් තවත් අයෙකු අසාධ්‍ය තත්වයේ පසුවෙන බවත් දෙදෙනෙක් මධ්‍යස්ථ තත්ත්වයේ බවත් ශාන්ත ජෝන් ගිලන්රථ සේවාව පවසයි.
– Ashoka Peiris (CSNA)

Leave A Reply

Your email address will not be published.

fifteen − 9 =