රවි ‌වෛද්‍යලංකාර ව්‍යාජ මාධ්‍ය ප්‍රකාශයක් කර බිරිඳ සමග රටින් පනින්න ගහපු ගේම මෙන්න

තමා විමර්ශනය කරමින් සිටි මූල්‍ය වංචාකාර අපරාධකරුවන්ගේ විමර්ශන තොරතුරු අපරාධකරුවන්ටම ලබා දෙමින් රාජද්‍රෝහී වූ FCID යේ හිටපු ලොක්කා විශ්‍රාමික ජ්‍යෙ.නි.පොලිස්පති රවි වෛද්‍යලංකාර තමා අත් අඩංගුවට පත්වන බව ඉව වැටීමෙන් අනතුරුව පසුගිය 24 දින කොළඹ දී ව්‍යාජ මාධ්‍ය හමුවක් පවත්වා FCID යත් තම වෘත්තියත් පොලිස් දෙපාර්තමේන්තුවත් පාවා දී රටින් පලාගොස් තිබේ.

රහසිගත ව්‍යාජ මාධ්‍ය හමුව
———————————
ඉහත කී ව්‍යාජ මාධ්‍ය හමුවට කැඳවා තිබුනේ ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රචාරක ව්‍යාපාරය මෙහෙයවන දිලිත් ජයවීරට අයත් දෙරණ නාලිකාවේ සහ රෙනෝ ද සිල්වාගේ හිරු නාලිකාවේ මාධ්‍යකරුවන් සහ ගෝඨාභයට පක්ෂපාත වෙබ් අඩවි කරුවන් කිහිප දෙදෙනකු පමණි. දෙරණ සහ හිරු විසින් ප්‍රචාරය කරන ලද වෛද්‍යලංකාරගේ මාධ්‍ය ප්‍රකාශ අතරතුර දී කිසිදු මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කරනවා හෝ මාධ්‍ය හමුවට සහභාගී වූ අන් කිසිවෙක් නොපෙන්වූ අතර වෛද්‍යලංකාර ඉදිරියේ කිසිදු මයික්‍රෆෝනයක් ද දක්නට නොලැබිණ. මාධ්‍යකරුවන්ගේ ප්‍රශ්න සහ වෛද්‍යලංකාරගේ පිළිතුරු අතර පැහැදිලි ශබ්ද වෙනසක් ද අසන්නට ලැබෙන අතර ඉන් ගම්‍ය වන්නේ රවි වෛද්‍යලංකාරගේ මාධ්‍ය හමුව ව්‍යාජ මාධ්‍ය හමුවක් බවයි. සහභාගී වූ කැමරාකරුවෙකුගේ ප්‍රකාශයක් අනුව වෛද්‍යාලංකාර මෙකී ව්‍යාජ මාධ්‍ය හමුව පවත්වා තිබෙන්නේ හිල්ටන් හෝටලයේ යැයි ප්‍රකාශිත නමුත් ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන්නේ ‌‌වෙනස් කතාවකි.

වෛද්‍යලංකාරගේ ප්‍රකාශය වීඩියෝගත කිරීම සංවිධානය කර ඇත්තේ දිලිත් ජයවීර විසින් වන අතර ඒ සමග ගෝඨාභයගේ හිටපු ආරක්ෂක උපදේශක කුප්‍රකට හෙන්දාවිතාරණ ද ඊට සහභාගී වී තිබේ. ප්‍රකාශය වීඩියෝ ගත කිරීමෙන් පසුව එහි සිට ඔහු කෙළින්ම කැඳවාගෙන ගොස් ඇත්තේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත වන අතර එහිදී දිලිත් ජයවීර විසින් සපයනු ලැබූ ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් පතකින් ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇත. වෛද්‍යාලංකාරගේ ප්‍රකාශය අදාල නාලිකා විසින් ප්‍රචාරය කරන ලද්දේ ඊට පසුදා එනම් ඊයේ (25) වන අතර වෛද්‍යාලංකාර අද (26) දින ඩුබායි සිට සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇත. ඔහුගේ අවසාන සැඟවෙන ස්ථානය කොතැනක දැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය පරීක්ෂාවෙන් හිඳිනු ඇත.

වෛද්‍යලංකාරගේ බොරු
———————————
වෛද්‍යලංකාරගේ ප්‍රකාශයෙන් කියා සිටියේ තමා විසින් FCID ය මගින් කරන ලද මූල්‍ය වංචා පරීක්ෂණ සඳහා දේශපාලන බලපෑම් කළ බවත් එම පරීක්ෂණ වලදී රාජපක්ෂලා කිසිදු වංචාවක් සිදුකරන ලදැයි හෙළි නොවූ බවයි. මෙය සම්පූර්ණ බොරුවක් වන අතර FCID ය පිහිටවුන ලද්දේ ම අලුතින් පත් වූ යහපාලන ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව රාජපක්ෂලාගේ වනචර දශකයේ සිදුකරන ලද මහා පරිමාණ මූල්‍ය වංචා සොයා ගැනීමටය. එයට දේශපාලන අරමුණක් තිබීම විකෘතියක් නොව එය රාජපක්ෂ රෙජීමය පරාජය කළ හැට දෙලක්ෂයක් ජනතාවගේ ප්‍රාර්ථනය මෙන්ම පළමු ඝණයේ ඉල්ලීමක් ද විය. එහි ප්‍රධානියා ලෙස පත්ව ආ රවි වෛද්‍යලංකාර යනු සත්‍ය වශයෙන්ම එකී අරමුණ විනාශ කරමින් විජේදාස රාජපක්ෂ නමැති කුප්‍රකට ඩීල්කරුවා සමග එක්ව පරීක්ෂණ අල කළ කුමන්ත්‍රණකාරී රාජද්‍රෝහියා ය. (විජේදාස රාජපක්ෂ අද ගෝඨාභයට සහාය දෙමින් තමා අධිකරණ ඇමැතිව සිටිය දී නීතිපති දෙපාර්තමේන්තුවට බලපෑම් කරමින් ගෝඨාභය අත් අඩංගුවට ගැනීම වැලැක්වූ බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරයි)

රවි වෛද්‍යලංකාර නම් රාජද්‍රෝහියාගේ මාධ්‍ය ප්‍රකාශයෙන් කී තවත් අලි බොරුවක් වන්නේ FCID යට පැමිණිලි ලබා දුන්නේ දූෂණ විමර්ශන කාර්යාංශය බවත් එහි ප්‍රධානියේ ජනාධිපති නීතිඥ ජේ.සී.වැලිඅමුණ බවයි. එය සම්පූර්ණ අසත්‍යයකි.

දූෂණ විමර්ශන කාර්යාංශය හැදුනේ ‌කොහොමද?
———————————
දූෂණ විමර්ශණ කාර්යාංශය යනු එකී කැබිනට් අනුමණ්ඩලයේ යෝජනා මත කැබිනට් මණ්ඩලය විසින් ස්ථාපනය කරන ලද ආයතනයයි. ඊට කැබිනට් මණ්ඩලයේ ඇමැති වරුන් නියෝජනය වූ අතරම දූෂණ වල ස්වරූපය අනුව පිටතින් ලබා ගත යුතු විශේෂඥ දැනුම සහිත වෘත්තියවේදීන්ද අයත් වූහ. ඊට අදාල ගැසට් නිවේදනය සකස් කරන ලද්දේ ද අද බයිලා කියන රාජද්‍රෝහියා රවි වෛද්‍යලංකාරම ය. ඒ අනුව එකී දූෂණ විමර්ශන කාර්යාංශයේ ප්‍රධානියා වූයේ කීර්තිමත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ හිටපු අතිරේක ලේකම් ආනන්ද විජේපාල මහතා ය. නොඑසේව ජේ.සී.වැලිඅමුණ මහතා නොවේ. ඔහු ඊට පත් කරන ලද විශේෂඥ දැනුමැති වෘත්තීයවේදියෙක් වූවා පමණි. අග්‍රාමාත්‍ය ලේකම්වරයා ද, ජනාධිපතිවරයා විසින් පත් කළ නියෝජිතයෙක් ද, පොලිස්පතිවරයා විසින් පොලිසියෙන් පත් කළ 6 දෙනෙකු ද, නීතිපතිවරයා විසින් නීතිපති දෙපාර්තමේන්තුවෙන් පත් කළ එක් අයෙකු ද, අල්ලස් කොමිසම විසින් පත් කළ එක් අයෙකු ද, විගණකාධිපතිවරයා විසින් එකී දෙපාර්තමේන්තුවෙන් පත් කරන ලද 2 ක් ද, ගණකාධිකාරීවරුන් නීතිවේදීන් ඇතුළු විශේෂඥ දැනුමැති වෘත්තීයවේදින් පිරිසක් ද දූෂණ විමර්ශන කාර්යාංශයට ඇතුලත් වූහ.

දූෂණ විමර්ශන කාර්යාංශය ‌කළේ කුමක්ද?
———————————
මෙකී කමිටුව වෙත ලද දූෂණ පැමිණිලි විමර්ශනය කළ යුතු තත්ත්වයේ ඒවාදැයි මූලික තක්සේරුවක් කර එවැනි විමර්ශනයකට සුදුසුනම් ඒවා නීතිපතිවරයාගේ අනුමැතිය ලැබීමෙන් පොලිස්පතිවරයා වෙත යොමු කිරීම මෙකී කාර්යාංශයේ ක්‍රියාවලිය විය. අදාල විමර්ශනය සිදුකළ යුත්තේ FCID යද, CID යද, අල්ලස් කොමිසමද යන්න තීරණය කෙරුණේ පොලිස්පතිවරයා විසිනි. ඒ අනුව වෛද්‍යාලංකාර සිටි FCID ය වෙත විමර්ශන යොමු කෙළේ පොලිස්පතිවරයා විසින් මිස අන් කිසිදු දේශපාලකයෙකු හෝ නිලධාරියෙකු නොවේ. එබැවින් රාජද්‍රෝහී වෛද්‍යාලංකාර 25 දා තම මාධ්‍ය ප්‍රකාශයෙන් සිදුකළේ සිතාමතා ජනතාව නොමග යැවීමකි. ඒ පිලිබඳව පමණක් වුව ඔහුට විරුද්ධව නීති මගින් කටයුතු කළ හැකිය.

වෛද්‍යාලංකාර අත් අඩංගුවට ගැනීමට ආසන්න වූයේ ඇයි..?
———————————
තමා අත් අඩංගුවට ගැනීමට ආසන්න බව තේරුම් ගත් වෛද්‍යාලංකාර මාධ්‍ය ප්‍රකාශය කර රටින් පැන ගිය බව සත්‍යයකි. ඊට බලපා ඇත්තේ ඔහු විසින් විමර්ශන මෙහෙයැවූ දූෂනයකට සම්බන්ධ චුදිතයන් සමග ඔහු සිදුකර ඇති කෝටි ගණනක ගණුදෙනුවක් පිලිබඳ සියළු තොරතුරු ඔහුගේ විශ්‍රාම ගැනීමෙන් පසු එකින් එක හෙළි වීමයි.

මේ පිලිබඳ වත්මන් FCID ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.සී.පී. රණසිංහ විසින් බී වාර්තාවක් මගින් 2019 ඔක්තෝම්බර් 21 වැනි දා අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. ඒ අනුව වෛද්‍යලංකාර විසින් විමර්ශන සිදුකරමින් සිටි දූෂනයක් වන්නේ ඇමරිකානු ‌ඩොලර් මිලියන 55 කට අධික මුදලක්, බ්‍රිතාන්‍ය පවුම් 2 ලක්ෂ හැත්තෑ පන්දහසකට අධික මුදලක්, යුරෝ විසි හත් දහසකට අධික මුදලක් කළු සල්ලි සුදු කිරීමක් පිළිබඳවය. ඇ.ඩො. මිලියන 55 කට අධික මුදල මනි ලොන්ඩරින් යටතේ ලංකාවට යවා ඇතැයි කියමින් ඇමරිකානු බලධාරීන් විසින් ලංකාවේ සහාය ඉල්ලා පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ රියන්සි මහේෂ් කුමාර එඩ්වර්ඩ්ස් සහ ඔහුගේ බිරිඳ පුන්‍යා ප්‍රියන්ජි මැණිකේ එඩ්වර්ඩ්ස් යන යුවල ප්‍රධාන පිරිසක් පිළිබඳවය. මේ පිලිබඳ වෛද්‍යාලංකාර විසින් විමර්ශන කරද්දී වෛද්‍යාලංකාරගේ බිරිඳ එස්සැල්ල පතිරාජගේ මේරි බැසිලිකා සහ පුන්‍යා ප්‍රියන්ජි මැණිකේ එක්ව සූර්යා ඉන්ටර්නැෂනල් කෝපරේෂන් පුද්ගලික සමාගම නමින් සමාගමක් පිහිටුවා ගේමක් ගසා තිබේ. චුදිතයා සහ විමර්ශකයා තම බිරින්දෑවරුන් යොදවා මේ සමාගම පිහිටුවා ගාන බෙදා ගෙන ඇත්තේ 2016 පෙබරවාරියේ දී ය. ඒ නම් මෙකී පරීක්ෂණ යන අතරවාරයේ දී ය.

බිරිඳ පුතා ‌යොදා ගනිමින් චුදිතයන්ගෙන් ‌කෝටි ගණන් ගැරූ හැටි
———————————
මෙම සූර්යා ඉන්ටර්නැෂනල් සමාගමේ ලියාපදිංචි ලිපිනය හරිම අපූරු තැනකි. ඒ නම් අංක 16/ඒ 2, මොනාක් රෙසිඩන්සීස්, ගාලුපාර, කොළඹ 03 ලිපිනය යි. මෙකී ලිපිනය සහිත සුපිරි නිවහනේ අයිතිකරු කවුරුවත් නොව වෛද්‍යලංකාරගේ පුත් අසේල ජයම්පතී රාජසුන්දර වෛද්‍යාලංකාර ය. පොලිස්කාරයෙකුගේ වයස 30 ක් පමණ වූ පුත්තරයා මේ සුපිරි නිවහන මිල දී ගෙන ඇත්තේ රුපියල් කෝටි 5 යි ලක්ෂ 20 කට ය. එකී මිල දී ගැනුමද සිදුව ඇත්තේ වෛද්‍යාලංකාරගේ බිරිඳ චුදිතයාගේ බිරිඳ සමග සමාගමක් පිහිටුවා ගත් දිනට පසුදින ය. රාජද්‍රෝහි රවි වෛද්‍යලංකාර ගහපු ගේම අපූරුවට පැහැදිලි වී තිබේ. මේවා ගැන ප්‍රශ්න කිරීමට බිරින්දෑ වරුන්ට FCID යට පැමිණෙන්නැයි වාර කිහිපයක්ම දැනුම් දුන් නමුත් බිරින්දෑ වරුන් එය මග හැරියේ ය. බිරිඳ ප්‍රශ්න කරන දිනයේම රවි වෛද්‍යාලංකාර ද අත් අඩංගුවට පත් වන බව දැන රාජද්‍රෝහියා සාවද්‍ය මාධ්‍ය ප්‍රකාශයක් කර රටින් පැන ගියේ ය. ඔහුගේ බිරිඳද රටින් පැනගොස් ඇත.

Source – LEN

Leave A Reply

Your email address will not be published.

fifteen + 5 =